මහ බැංකුවට විදේශ විනිමය විකිණීමේ අවශ්‍යතාව යළි 25% ට බස්සයි

434

බැංකු විසින් ශී‍්‍ර ලංකා මහ බැංකුවට විදේශ විනිමය විකිණීමේ අවශ්‍යතාව සියයට 50 සිට සියයට 25 දක්වා අඩුකර ඇතැයි ශී‍්‍ර ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

පසුගිය මාර්තු 21 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි බැංකු විසින් මහ බැංකුවට විදේශ විනිමය විකිණීමේ අවශ්‍යතාව සියයට 25 සිට සියයට 50 දක්වා වැඩි කරනු ලැබිණි.

එම විදේශ විනිමය විකිණීමේ අවශ්‍යතාව ඊයේ (12 දා) සිට නැවත සියයට 50 සිට සියයට 25 දක්වා අඩුකර ඇත.

මේ අනුව බැංකුවලට ඉතිරි වන එම සියයට 25 ක විදේශ විනිමය ප‍්‍රමාණය මහජනතාවගේ සහ වෙනත් අත්‍යවශ්‍ය විදේශ විනිමය අවශ්‍යතා වෙනුවෙන් යොදාගත හැකි බව ද මහ බැංකු අධිපතිවරයා පවසයි.

මේ නිසා අත්‍යවශ්‍ය විදේශ විනිමය අවශ්‍යතා වෙනුවෙන් කළුකඩයට යොමු නොවී බැංකුවලට යොමු වන ලෙස ද මහ බැංකු අධිපතිවරයා ඉල්ලීමක් කරයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment