මහ බැංකුවෙන් නන්දලාල්ට ආරාධනා!

483

මහ බැංකු අධිපති ධුරය භාරගන්නා ලෙස හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි ‘දිවයින’ට වාර්තා වෙයි.

වීරසිංහ මහතා මහ බැංකුවෙන් විශ‍්‍රාම ගැනීමෙන් පසු දැනට ඔස්ටේ‍්‍රලියාවේ පදිංචිවී සිටී. ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගෙන් මහ බැංකු අධිපති ධුරය භාරගන්නා ලෙස රජය පැත්තෙන් ඉල්ලීමක් කර තිබුණත් තවමත් ඒ මහතා ඒ සම්බන්ධයෙන් රජයට කිසිදු ප‍්‍රතිචාරයක් දක්වා නොමැති බවද තවදුරටත් ‘දිවයින’ට වාර්තා වෙයි. මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා ඊයේ (4දා) සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට යවා ඇත. තවමත් කබ්රාල් මහතාගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා භාරගෙන නොමැති බව දැනගන්නට ඇත. කෙසේ වෙතත් තවදුරටත් කබ්රාල් මහතා මහ බැංකු අධිපති ධුරයේ රැුඳී නොසිටිනු ඇතැයිද වාර්තාවෙයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment