මහ බැංකුවේ පොළී අනුපාත තීරණය

334


ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොළී අනුපාතික පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කළ බව මහ බැංකුව පවසයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ඊයේ පැවති රැස්වීමේ දී මේ තීරණය ගෙන ඇත.
මේ අනුව මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙළින්, සියයට 14.50 සහ සියයට 15.50 ක් ලෙස දැනට පවතින මට්ටමේ නොවෙනස් ව පවත්වා ගෙන යෑමට මහ බැංකුව තීරණය කර ඇත.
එසේම ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ද සියයට 4.00 මට්ටමේ නොවෙනස්ව පවතී.

advertistmentadvertistment
advertistmentadvertistment