මහ බැංකුවේ මූල්‍ය අපරාධ වසා ගැනීමට සහකාර අධිපති දවුලගල මුදල් මණ්ඩල ලේකම් ධුරයෙන් ඉවත් කරලා – රෝහිණී කවිරත්න

387

බැඳුම්කර ජනාධිපති කොමිසම, ඊ.ටී.අයි. ෆිනෑන්ස් ඉන්වෙස්මන්ට් විගණනය, වෝහාරික විගණන මූල්‍ය විනය සම්බන්ධයෙන් සුවිශේෂී වූ විගණනයන් වෙති. මෑත කාලයේ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සිදු වූ දැවැන්ත වංචා ¥ෂණ අක‍්‍රමිකතා සම්බන්ධයෙන් නිර්භීත හා අදීන ලෙස කටයුතු කළ සහකාර අධිපති කේ. එම්. ඒ. එන්. දවුලගල මහත්මිය මූල්‍ය මණ්ඩල ලේකම් ධුරයෙන් ඉවත් කර ඇත. එය මහ බැංකුවේ මහා මූල්‍ය අපරාධ වසා ගැනීම සඳහා වන පළමු පියවර බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී රෝහිනි කවිරත්න මහත්මිය පවසයි.

අර්ජුන මහනේද්‍රන් විසින් බැඳුම්කර වංචාවට අදාළව සිදු කරනු ලැබූ අනීතික, ලබැඳියාවන් අතර ගැටුම් සහගත සිදුවීම් කොමිෂන් සභා හරහා හෙළිදරව් වූවේ දවුලගල මහත්මිය විසින් සිදු කළ අති විශිෂ්ට වූත් නිර්භය වූත් රාජකාරි ඉටු කිරීම් නිසාය. ලංකා බැංකුවේ රෝහිණී නානායක්කාරගෙන් පසුව ශ‍්‍රී ලංකා බැංකු ක්ෂේත‍්‍රයේ විශිෂ්ඨතම කාන්තාව දවුලගල මහත්මිය යි. ශ‍්‍රී ලංකා මහ බැංකුවට ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වාදීම ඇතුළු ක්‍ෂේත‍්‍රයන් ගණනාවක ඇය සිය විශිෂ්ටත්වය සලකුණු කර ඇති බවද ඇය නිකුත් කර ඇති නිවේදනයක දැක්වේ.

අකිත පෙරේරා
 

advertistmentadvertistment
advertistmentadvertistment