මහ බැංකුවේ ලක්‍ෂ 50 ගැන තවම හොඩුවාවක් නෑ

99

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් රු. ලක්‍ෂ 50 ක මුදලක් අතුරුදන් වී මේ වනවිට දින 11 ක් ගතව තිබුණත් එම මුදල් නෝට්ටු මිටිය හෝ ඒ පිළිබඳව කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට පරීක්‍ෂණ පවත්වන අංශ අසමත් වී ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ මෙම සිද්ධිය සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකු විමර්ශන කටයුතු දැඩි කිරීමට අභ්‍යන්තර පාලනයක් හා මෙහෙයුම් කටයුතු ශක්තිමත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි.

තවද පොලිසිය විසින් සිදුකරනු ලබන විමර්ශන කටයුතු සඳහා අවශ්‍ය සහාය අඛණ්ඩව මහ බැංකුව විසින් ලබාදෙමින් සිටින බව ද මහ බැංකුව පවසයි.

මේ නෝට්ටු බණ්ඩලය අඩුවීම අනාවරණය වීමෙන් පසු ඒ සම්බන්ධව මහ බැංකුව විසින් අභ්‍යන්තර විමර්ශනයක් වහාම අරඹන ලද අතර කොටුව පොලිසිය වෙත පැමිණිල්ලක්ද ඉදිරිපත් කරන ලදි. මේ පොලිස් විමර්ශන කටයුතු දැනට සිදුවෙමින් පවතින බවද මහ බැංකුව තවදුරටත් පවසයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment