මහ බැංකුව උපරිම පොලී අනුපාතික සීමා ඉවත් කරයි

442

ණය කාඞ්පත්, පෙර ගිවිසගෙන ඇති තාවකාලික බැංකු අයිරා සහ උකස් පහසුකම් මත මහ බැංකුව විසින්් පනවා තිබූ උපරිම පොලී අනුපාතික සීමා ඉවත් කිරීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇත.

මේ අනුව ණය කාඞ්පත් මත පනවා තිබූ සියයට 20ක පෙර ගිවිසගෙන ඇති බැංකු අයිරා මත සියයට 18ක සහ උකස් පහසුකම් මත සියයට 12ක උපරිම පොලී අනුපාත සීමාවන් ඉවත්කර තිබේ.

මහ බැංකුව ඉකුත් සිකුරාදා (08දා) සිය ප‍්‍රතිපත්තිමය පොලී අනුපාත සියයට 7කින් වැඩි කළ අතර මේ ප‍්‍රතිපත්ති වෙනස් කිරීම ඵලධායී ලෙස සම්පේ‍්‍රෂණය වීම සඳහා පහසුකම් සැලසීමට මෙම උපරිම පොලී අනුපාත සීමා මහ බැංකුව විසින් ඉවත්කර ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment