මහ බැංකුව පොලී අනුපාත වැඩි කරයි

194

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2023 මාර්තු 03 වැනිදා පැවැති රැස්වීමේදී මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් 100 කින් ඉහළ නැංවීමට තීරණය කළේය.

ඒ අනුව වෙළෙඳ පොළ පොලී අනුපාත තීරණය වීමට ද මහ බැංකුවේ මෙම නව තීරණය බලපානු ඇත.

2023 මාර්තු 03 වැනිදා ව්‍යාපාර අවසන් වූ අවස්ථාවේ සිට ක්‍රියාත්මක වන පරිදි පිළිවෙළින් සියයට 15.50 සහ සියයට 16.50 දක්වා මෙම පොලී අනුපාත වැඩි කිරීම සිදුකර ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment