මහ බැංකුව භාරගන්න අජිත් නිවාඩ් කබ්රාල්ට ඇරයුම්… මහ බැංකු අධිපති ධුරයේ බලතල වැඩි කිරීමටත් අදහසක්

142

ශී‍්‍ර ලංකා මහ බැංකුවේ අධිපති ධුරය යළි භාර ගන්නා ලෙස වත්මන් මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඞ් කබ්රාල් මහතාගෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ඉල්ලීමක් කර ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් ‘දිවයින’ට වාර්තා වේ.

ඒ සමගම මහ බැංකු අධිපති ධුරයේ බලතල වැඩි කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයිද වාර්තා වේ.

මේ අනුව මුදල් රාජ්‍ය ඇමැති ධුරයෙන් සහ ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුරයෙන් ඉවත්වී යළි මහ බැංකු අධිපති ධුරය භාර ගැනීමට කබ්රාල් මහතා සලකා බලමින් සිටින බවද දැන ගන්නට ඇත.

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මේ මොහොතේ ආර්ථික හා විදේශ විනිමය අර්බුදයට මුහුණදීම සඳහා ශී‍්‍ර ලංකා මහ බැංකුවට ශක්තිමත් නායකත්වයක් අවශ්‍ය බවට රජයේ අදහස වී ඇති බවද ඒ අනුව නැවතත් අජිත් නිවාඞ් කබ්රාල් මහතාට මහ බැංකු අධිපති ධුරය භාර ගන්නා ලෙස ජනාධිපතිවරයා ඉල්ලීමක් කළ බවද රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් තවදුරටත් ‘දිවයින’ට වාර්තා වේ. ජනාධිපතිවරයා කබ්රාල් මහතාගෙන් සිදුකර ඇතැයි කියන ඉල්ලීම සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඞ් කබ්රාල් මහතාගෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් ඔහු ‘දිවයින’ට ප‍්‍රකාශ කළේ එය තහවුරු කිරීමට හෝ ප‍්‍රතික්‍ෂේප කිරීමට තවමත් හැකියාවක් නොමැති බවයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment