මහ බැංකුව රන් සංචිත යළි SALE : විදෙස් සංචිත යළිත් පහළට  

240

ශ‍්‍රී ලංකා මහ බැංකුව සතුව පැවැති රන් සංචිත ප‍්‍රමාණය ඉකුත් ජනවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 92 දක්වා සියයට 47.5කින් පහත වැටී තිබේ.

පසුගිය දෙසැම්බර් මාසයේදී ශ‍්‍රී ලංකාව සතුව පැවැති රන් සංචිත ප‍්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 175 ක් වූ අතර ඒ අනුව එම ප‍්‍රමාණය ජනවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 83කින් තවදුරටත් අඩු වී තිබේ.

ඉකුත් ජනවාරි මස අග පැවැති රන් සංචිතයෙන් තවත් කොටසක් විකිණීම නිසා මෙසේ මහ බැංකුව සතු රන් සංචිත ප‍්‍රමාණය අඩු වී ඇති බව වාර්තා වේ.

පසුගිය දෙසැම්බර් මාසයේදී ද මහ බැංකුව රන් සංචිතවලින් කොටසක් විකුණන ලදී.

එසේම 2021 දෙසැම්බර් මස අගදී පැවැති ඇමෙරිකානු ඩොලර් බිලියන 3.1 ක් වූ නිල සංචිත වත්කම් ප‍්‍රමාණය 2022 ජනවාරි මස අගදී ඇමෙරිකානු ඩොලර් බිලියන 2.3 ක් දක්වා ද අඩු වී ඇත. එසේම 2021 දෙසැම්බර් අගදී පැවැති ඇමෙරිකානු ඩොලර් බිලියන 2.77 ක් වූ විදේශ මුදල් සංචිතය ද 2022 ජනවාරි අගදී ඇමෙරිකානු ඩොලර් බිලියන 2.07 ක් දක්වා තවදුරටත් පහත වැටී තිබේ.

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යා ලේඛනවලින් මේ බව තහවුරු වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment