මහ බැංකුව රුපියලට අත නොතබයි

1375


විනිමය අනුපාතිකය තීරණය කිරීම සඳහා මහ බැංකුව මැදිහත් නොවන බවත් එය වෙළෙඳපොළ බලවේග අනුව තීරණය වීමට ඉඩ දී ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.
කොළඹ දී අද පෙරවරුවේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසීය.
‘ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්වය සහ ආයෝජන ප්‍රවර්ධනය මැයෙන් ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් සංවිධානය කරන ලද මෙම සම්මන්ත්‍රණයට එක්වෙමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මේ බව කීවේය.
අද වන විට විනිමය අනුපාතිකය තීරණය වීම මුළුමනින්ම වෙළෙඳපොළ බලවේග අනුව ක්‍රියාත්මක වීමට ඉඩ දී තිබෙන බව ද ඉදිරියටත් එය එසේ සිදුවනු ඇති බව ද ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කියා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment