මහ බැංකුව 5%කින් පොලිය නංවයි

896

ශ‍්‍රී ලංකා මහ බැංකුව සිය පොලී අනුපාත සියයට පහකින් ඉහළ නංවා ඇත.

මේ අනුව ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ප‍්‍රධාන ප‍්‍රතිපත්තිමය පොලී අනුපාත දෙක වන නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 50 බැගින් පිළිවෙළින්, සියයට 5.00 දක්වා සහ සියයට 6.00 දක්වා ඉහළ නැංවීමට මහ බැංකුව තීරණය කර ඇත.

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පෙරේදා (18 දා* පැවැති රැුස්වීමේදී මේ තීරණය කර ඇත.

එසේම බලපත‍්‍රලාභී වාණිජ බැංකු වෙතැති සියලූම රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2021 සැප්තැම්බර් 01 වැනිදායින් ආරම්භ වන සංචිත පවත්වාගෙන යෑමේ කාලපරිච්ෙඡ්දයේ සිට බලපැවැත්වෙන පරිදි සියයට සියයට 2 සිට සියයට 4 දක්වා ප‍්‍රතිශතාංක 2.0කින් ඉහළ නැංවීමට ද මුදල් මණ්ඩලය තීරණය කර තිබේ. වැඩිදියුණු වූ ආර්ථික වර්ධන අපේක්ෂා මධ්‍යයේ, ආර්ථිකයේ විදේශීය අංශයේ අසමතුලිතතාවන්ට පිළියම් යෙදීමට සහ මැදි කාලීනව අධික උද්ධමන පීඩන ඇතිවීම වැළැක්වීම සඳහා මෙම තීරණ ගනු ලැබූ බව ද මහ බැංකුව පවසයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment