මහ බැංකු අධිපති ජනතාව ඇන්දීමට ගන්නා උත්සාහය පිළිකුලෙන් හෙළා දකිනවා – පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා

143

 මහ බැංකු අධිපතිවරයා මෙරට ඩොලර් හි`ගයක් නැතැයි නියමින් ජනතාව ඇන්දීමට ගන්න උත්සහය පිළිකුලෙන් හෙළා දකින බව සමගි ජන බලවේගයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

 විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (09) පැවති ‘ආර්ථිකයේ නිවැරදි දිශාව’ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හෙතෙම මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

 අද දින පුවත්පත් කිහිපයක මුල් පිටුව දිහා බැලූ‍වා. පුවත්පතක අපට ඩොලර් හිඟයක් නෑ කියලා ලොකුවට සඳහන් වෙනවා. එය නිවාඞ් කබ්රාල් මහතාගේ ප‍්‍රකාශයක්. ඊට පස්සේ පත්තරේක තියෙනවා කන්ටේනර් දෙදාහක් ගන්න ඩොලර් මිලියන 20ක් ඕන ඒව හිර වෙලා තියෙන්නේ ඒ නිසා ඒවා එළියට ගන්න බැහැ කියලා. තව පත්තරේක තියෙනවා බෙහෙත්වලට ඩොලර් හරස් වෙයි කියලා. එම නිසා බෙහෙත් හිර වෙලා බව. දිවයින පත්තරේ තියෙනවා එදා වේල ෂේප් විසඳුමක් හැටියට මහ බැංකුව රන් සංචිත යළි සේල් කියලා. බුද්ධිමත් පුද්ගලයෝ පත්තර කියවන කොට සහ රූපවාහිනියේ ප‍්‍රවෘත්ති බලන කොට හෝ ගෑස් පෝලිමේ ඉන්න කොට දන්නව ලංකාවය ඩොලර් අර්බුදයක ඉන්නේ කියලා.

 පත්තරවල එක තැනක තියෙනවා අපට ඩොලර් හ`ිගයක් නෑ කියලා. අනිත් පැත්තේ තියෙනවා බෙහෙත් ගේන්න ඩොලර් නෑ කියලා. කාවද මේ අන්දන්න හදන්නේ. ඇන්දවීමේ සීමාවක් තියෙනවා.

 පාර්ලිමේන්තු මන්ත‍්‍රී කබීර් හෂීම් මහතා

 රටේ ඉතිහාසයේ කිසිදාක සිදු නොවෙච්ච සේවක අර්ථසාධක අරමුදල බදුවලට යටත් කරමින් එම අරමුදලෙනුත් බදු අය කරන්නට සූදානමක් තියෙනවා. මේ ප‍්‍රශ්නයට ආණ්ඩුව උත්තරයක් ලබා දුන්නේ නැහැ. අද මේරට සිම්බාබ්බේ හා සමානයි. 1980 දශකයේ සිම්බාබ්බේ බඩු මිල වැඩි වුණා වගේම අද ලංකාවේ සිද්ධ වෙනවා. ?ට කඬේ වහන කොට තියෙන මිල නෙවෙයි උදේට කඬේ අරින කොට තියෙන්නේ. රටකට මෙහෙම යන්න බැහැ. සුළු සහ මධ්‍ය පරිමාණ ස්වයං රැුකියා කරන අයට තමන්ගේ භාණ්ඩ මිල කරන්න බැහැ. ඒ අයට ව්‍යාපාර කරන්න බැහැ.

 නිවාඞ් කබ්රාල් මහතා ප‍්‍රකාශයක් ඉදිරිපත් කරනවා අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නේ නැහැ ඩොලර් හි`ගයකුත් නැහැ කියලා. මුදල් ඇමැතිවරයා කියනවා පිටකොටුවෙ මුදලාලිලාගෙන් හරි හිඟා කාලා ඩොලර් ගන්න ලෑස්ති කියලා. ආණ්ඩුවක් මොකටද? පිටකොටුවේ මුදලාලිලාට මේ ආණ්ඩුව භාර දුන්නා නම් මීට වැඩිය හො`දට කරයි කියලා අපි හිතනවා.

 අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment