මහ බැංකු නව අධිපති ආචාර්ය නන්දලාල් අද වැඩ භාරගනී

145

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා වශයෙන් පත්ව සිටින ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (08දා) පෙරවරුවේ මහ බැංකු අධිපතිවරයා ලෙස වැඩ භාරගනී.

මහ බැංකුවේ 17 වැනි අධිපතිවරයා ලෙස අද වැඩ භාරගන්නා ආචාර්ය වීරසිංහ මහතා ශ‍්‍රී ලංකා මහ බැංකුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරයකු වේ.

මහ බැංකුවේ නවතම මුදල් ප‍්‍රතිපත්ති විවරණය ද අද සවස 5.30ට ප‍්‍රකාශයට පත් කිරීමට නියමිත අතර අද සවස 6.00ට නව මහ බැංකු අධිපති ආචාර්ය වීරසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මාසික මුදල් ප‍්‍රතිපත්ති විවරණයට අදාළ ප‍්‍රවෘත්ති සාකච්ඡාවද මහ බැංකු මූලස්ථානයේදී පැවැත්වේ.

මෙම මුදල් ප‍්‍රතිපත්ති විවරණය ඉකුත් අපේ‍්‍රල් 05 වැනිදා උදේ 7.30ට දැනුම් දීමට නියමිතව තිබුණද මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අපේ‍්‍රල් 04 දින මහ බැංකු අධිපති ධුරයෙන් ඉල්ලා අස්වීම නිසා එය දැනුම්දීම කල් දමන ලදී. ඒ අනුව නව මහ බැංකු අධිපතිවරයාගේ පත්වීමෙන් පසු අද සවස 5.30ට මෙම නවතම මුදල් ප‍්‍රතිපත්ති විවරණය ප‍්‍රකාශයට පත් කෙරේ.

ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (07දා) සවස ඔස්ටේ‍්‍රලියාවේ සිට ශ‍්‍රී ලංකාවට පැමිණියේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment