මහ බැංකු පනතට කථානායකගේ අත්සන නැති නිසා හිටු කියලා සල්ලි අච්චු ගහනවා – චන්දිම වීරක්කොඩි

95

පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද මහ බැංකු පනත් කෙටුම්පතට කථානායක තවමත් අත්සන් තබා නැති බැවින් ආණ්ඩුව “හිටු කියලා සල්ලි අච්චු ගහනවා” යැයි ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (07 දා) පැවසීය.

ඊට පිළිතුරු දෙමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කියා සිටියේ පනත සම්බන්ධයෙන් ගැටලු කිහිපයක් විසඳීමට ඇති බැවින් එය විසඳා ගත් පසුව ඊට වහාම අත්සන් තබන බවය.

එහිදී ඇති වූ සංවාදය මෙසේය.

චන්දිම වීරක්කොඩි මහතා – කතාවක් තිබෙනවා පාර්ලිමේන්තුව විසින් සම්මත කළ මහ බැංකු පනත් කෙටුම්පතට කථානායකතුමා තවම අත්සන් කරලා නෑ කියලා. ඒකට අත්සන් කරන්න තිබෙන ප්‍රමාදය මොකක්ද කියලා අපෙන් ජනතාව අසනවා. අත්සන් කරලා තිබෙනවාද? නැද්ද? නැත්නම් කවදද අත්සන් කරන්නේ?

කථානායක – ඒකේ නිවැරදි කිරීම් කිහිපයක් කරන්න තිබෙනවා. ඒ ටික කරලා අපි අත්සන් කරනවා.

චන්දිම වීරක්කොඩි මහතා-

කථානායකතුමාගේ අත්සන් කරන්න තිබෙන ප්‍රමාදය නිසා හිටු කියලා සල්ලි අච්චු ගහනවා කියලා කතාවක් යනවා. ඒ තත්ත්වය රටේ ආර්ථිකයට හොඳ නෑ. ඒ තත්ත්වය නවත්වන්න තමයි මේ පනත සම්මත කළේ. ඒ නිසා ඒ නිවැරදි කිරීම් කරලා අදම අත්සන් කරන්න. සමහර පනත් රෑ 12 වෙනකොට අත්සන් කළානේ.

කථානායක – ඒක මට නිවැරදි කරන්න බැරි ප්‍රශ්න. එහෙන් නිවැරදි කරලා දුන්නාට පස්සේ මම අත්සන් කරලා දෙන්නම්.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment