මහ බැංකු පනතට ජවිපෙ උසාවි යයි

142

ශ්‍රී ලංකා මහ බැංකුව ස්වාධීන ආයතනයක් බවට පත්කිරීම සඳහා රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා ඊයේ (17 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් ගොනු කළේය.

නීතිඥ සුනිල් වටගල මහතා මගින් ගොනු කර තිබූ එම පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර ඇත. එකී පනත් කෙටුම්පත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් එය පාර්ලිමේන්තුවේ දී සම්මත කරන්නේ නම් බහුතර ඡන්දයකින් පමණක් නොව ජනමත විචාරණයකින් ද සම්මත කළ යුතු බවට නිගමනය කරනා ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ. රටේ මූල්‍ය පරිපාලනය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ සම්පූර්ණ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට වුවත් එම පනත් කෙටුම්පත මගින් ශ්‍රී ලංකා මහ බැංකුව ස්වාධීන ආයතනයක් බවට පත්කිරීමෙන් පාර්ලිමේන්තුව සතු එකී මූල්‍ය පරිපාලන බලය ගිලිහියෑම ඉතා අහිතකර තත්ත්වයක් බවත් පෙත්සම්කාර වසන්ත සමරසිංහ මහතා සිය පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට කියා තිබේ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment