මහ බැංකු බෝම්බ ප්‍රහාරයට වසර 37යි

341

වසර 27 කට පෙර කොටුවේ මහා බැංකු ගොඩනැඟිල්ලට මරාගෙන මැරෙන බෝම්බකරුවකු කඩා වැදීමෙන් 100 කට අධික පිරිසක් මියගිය අතර 1400 ක් පමණ බරපතළ තුවාල ලැබූහ.

මේ බෝම්බකරු කවුද? පුලියන්කුලමේ රමේශ් හෙවත් රගුය. ඔහුගේ සහායකයා කුම්බිය. රගු බෝම්බකරු යයි තහවුරු කිරීමට සාක්‍ෂියක් නොතිබුණි. එහෙත් එක් පොලිස් නිලධාරියකුට රහස් තොරතුරක් ලැබුණි. ඒ නිලධාරියා ගල්කිස්ස ත්‍රස්ත මර්දන ඒකකයේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නිලබ්දීන්ය.

මහ බැංකු බෝම්බ ප්‍රහාරයට වසර 37යි

කොටුව මහ බැංකුවට ප්‍රහාර එල්ලවීමට මාස කීපයකට පෙර උතුරේ සිට මාහට ලත් රහස් තොරතුරක සඳහන් වූයේ මහ බැංකුවට ප්‍රහාර එල්ලවන බත් ඒ සඳහා බෝම්බ ලොරිය හිල්ටන් හෝටලයට අදාළ වාහන නැවතුම් පළේ රඳවා වේලාවට එය ඉලක්කයට ගෙන එන බවත් මම මේ ගැන හිටපු නියෝජ්‍ය පොලිස්පති ගාමිණී ගුණවර්ධනට දැනුම් දුන්නෙමි. ඔහු එය පොලිස්පතිට පැවසීය. ආරක්‍ෂාව තරකර ඇති නිසා බෝම්බ ලොරියකට කොළඹට පැමිණිය නොහැකි බව පොලිස්පති කීවේය. එහෙත් බෝම්බ ලොරිය ආවේය. ජම්පටාවීදියේ ස්ථානයක නතර කර තිබුණි. රගු පැදවූ බෝම්බ ලොරිය බාධාවකින් තොරව පාර්ලිමේන්තු වටරවුම හරහා මහ බැංකුව අසලට පැමිණ එහි ඝට්ඨනය කෙරුණි.

මහ බැංකු බෝම්බය ගැන පරීක්‍ෂණ කිරීමට නිලබ්දීන්ට පැවරුණි.

ඒ වන විට පිටකොටුවේදී එක් කොටි ත්‍රස්තයකු අල්ලාගෙන තිබුණි. ඔහු සාර්නියන් හෙවත් කුට්ටිය. හොඳට දෙමළ භාෂාව කතා කළ හැකි නිලම්දින් කුට්ටිගෙන් ප්‍රශ්න කළේය. ප්‍රහාරය එල්ල කරන ලෙස නියෝග කළේ ප්‍රභාකරන් බවත් ඔහු තමාට සහ රගුට තෑගි පෙට්ටි දෙකක්ම දුන් බව කුට්ටි හෙළි කළේය.

මේ සතියේ දිනෙක නිලබ්දින් සවුදි අරාබියාවේ සිට නිවාඩුවකට මෙරටට පැමිණියේය. ඔහු ‘දිවයින’ අමතා වසර 37 කට පෙර සිදුවූ බිහිසුණු සිද්ධිය හෙළි කළේය. ප්‍රභාකරන් තෑගි කළ තෑගි පෙට්ටියේ අනිවාර්යයෙන්ම ඔහුගේ ඇඟිලි සලකුණු ඇතැයි මම සිතුවා. මම පොලිස් පරීක්‍ෂක ජෙයරත්නම් හා තවත් පොලිස් භටයන් දෙදෙනකු සමග මුතූර්වලට ගියා. මුතූර්වල කුඩා හමුදා කඳවුරක් තිබුණා. එහි සිටි ලුතිනන්ගෙන් නිවසක් සෙවීමට හමුදා භට පිරිසක් ලබාදෙන ලෙස ඉල්ලුවා. මොන පිස්සුද ඊයෙත් කොටි සහ අපි අතර වෙඩි හුවමාරු වුණා. ඔයා ඒ පැත්තට යන්න එපා. ආපසු එන්න ලැබෙන්නේ නැහැ යයි ලුතිනන් කීවා. භට පිරිසක් දීමද ඔහු ප්‍රතික්‍ෂේප කළා. මම ඔහුගේ අනතුරු ඇඟවීම නොසලකා කුට්ටිගේ නිවස සෙවීමට පොල්වත්තකට ගියා. එහි වයසක අයෙක් සිටියා. කුට්ටි ගෙදර තිබූ පෙට්ටිය ගෙන එය යැයි මට පැවසූ විට මා එම වයස අයට කිව්වා. එහි හිටියේ කුට්ටිගේ පියායි. ඔහු පෙට්ටගම තිබූ පෙට්ටිය මට දුන්නා. මූතූර්වල සිට ත්‍රිකුණාමලයට එන පාලම් පාරුව සමග 5.00 ට පිටත් වනවා. පාලම් පාරුව පදවන්නා කිව්වා ඔබලා 5.00ට පෙර ආවේ නැත්නම් මම යනවා කියලා. අපි පාලම් පාරුව වෙත දුවගෙන එන විට එය ත්‍රිකුණාමලයට යෑමට සූදානම් වී තිබුණා යයි නිලබ්දින් කියා සිටියේය.

නිලබ්දින් සොයාගත් තෑගි පෙට්ටිය ඔහු තම උසස් නිලධාරීන්ගේ මාර්ගයෙන් ඇඟිලි සලකුණු අංශයට ලබා දුන්නේය. එසේම ඔහු ඉන්දීය පොලිසියෙන් ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණු ගෙන්වා ගත්තේය. මේ සිදුවීම අතිශයින්ම රහසිගතව ක්‍රියාත්මක විය. ශ්‍රී ලංකා පොලිසිය තුළද කොටි ඔත්තුකරුවන් සිටින බව නිලබ්දින් දැන සිටි නිසා තෑගි පෙට්ටිය සොයා ගැනීමත් ඉන්දීය පොලිසියෙන් ඇඟිලි සලකුණු ඉල්ලීම ගැනත් දැන සිටියේ එක පොලිස් නිලධාරියකු පමණි. පොලිස් ඇඟිලි සටහන් අංශයේ ගෝමස් සහ රත්නායක තෑගි පෙට්ටියේ තිබූ ඇඟිලි සලකුණු තුනක් සොයා ගත්තේය. එම ඇඟිලි සලකුණු සහ ඉන්දීය පොලිසිය එවූ ඇඟිලි සලකුණු එක සමාන විය. ඒ අනුව අඹේපිටිය විනිසුරුතුමා ප්‍රභාකරන්ට එරෙහි නඩුව විභාග කළේය. ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණු රැගත් තෑගි පෙට්ටිය සොයාගත්තේ නිලම්බ්දින් බව ද්‍රවිඩ කොටි හිතවාදී වාර්තාකරුවකු කොටි සංවිධානයට දැනුම් දුන්නේය. නිලබ්දින් මරන්න යයි ප්‍රභාකරන් නියෝග කළේය. ගල්කිස්සේදී නිලබ්දින් රැගත් රියට බෝම්බකාරියක් කඩා වැදුන අතර ඉන් ඔහු දිවි බේරා ගත්තේය. එහෙත් කොටි ඔහු පසුපස හඹා ආහ. ඇතැම් පොලිස් නිලධාරීන්ද නිලබ්දින් තෑගි පෙට්ටිය සොයා ගැනීම ගැන නොසතුට පළකර සිටි බව හෙළිවිය. අඹේපිටිය විනිසුරුතුමා ප්‍රභාකරන්ට වසර 200 ක සිරදඬුවමක් නියම කළේය. එහෙත් එතුමාද අභිරහස් ලෙස ඝාතනය විය.

මේ අතර වසර 37 කට පසු මහ බැංකුව පිපිරවීමට පුපුරණ ද්‍රව්‍ය සැපයූවේ යුක්රේනයේ රසායන ද්‍රව්‍ය කම්හලක් බව කැනඩාවේ හිටපු නියෝජ්‍ය මහ කොමසාරිස් අසෝක වීරසිංහ හෙළි කළේය.

සිවිල් ඉලක්කයකට ප්‍රහාර එල්ල කිරීම යුධ අපරාධයකි. එහෙත් එදා සිටි රජය ප්‍රභාකරන්ට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාවට පැමිණිලි කළේ නැත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment