මහ භාණ්ඩාගාරය බංකොළොත් වීමට වන්දි ගෙවන්න වි ඇත්තේ විශ‍්‍රාමිකයන්ට සහ රාජ්‍ය සේවකයන්ටයි

412

HTML clipboard




එජාප සභාපති වජිර අබේවර්ධන මාධ්‍ය හමුවේදී කියයි

චමින්ද සිල්වා
මහා භාණ්ඩාගාරය බංකොළොත්වී ඇති නිසා ඒ බර විශ‍්‍රාමිකයන්ට හා රාජ්‍ය සේවකයන්ට පැටවීමට ආණ්ඩුව උත්සාහ දරන බව එක්සත් ජාතික පක්‍ෂ සභාපති වජිර අබේවර්ධන මහතා ඊයේ (8 දා* පැවසීය.
2016 අපේ‍්‍රල් 29 දින එජාප රජය විසින් අග‍්‍රහාර රක්‍ෂණ ක‍්‍රමය ශක්තිමත් කර අවුරුදු 70 ට අඩු වයස් කාණ්ඩවල අයට සහ වයස 70 ට වැඩි අයට රුපියල් 400 සහ 600 දක්වා වැඩිකර රන් සහ රිදී ලෙස ක‍්‍රම දෙකක් හඳුන්වා දුන් බවද ඒ මහතා සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ ඊයේ (8 දා* පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.

ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීය. රජය මගින් මුදල් වැඩි කිරීමට යෝජනා කර ඇතත් විදේශ ගත ශ‍්‍රමිකයන්ට ලබදෙන ප‍්‍රතිලාභ ගැන පැහැදිලි කිරීමක් නැහැ. ඒ වගේම රාජ්‍ය යාන්ත‍්‍රණයේ සිටින ආබාධිත සහ එවැනි පුද්ගලයන්ට අදාළ සහන ලබාදීමක් මෙයින් සිදුනොවන බවත් පැහැදිලියි.

අද සිටින පාලකයන් පත්වුණේ රාජ්‍ය යාන්ත‍්‍රණයේ සේවකයන් ආරක්‍ෂා කරන්න කියලයි. අපි රජය භාරදුන්නේ රාජ්‍ය සේවා වැටුප් වැඩි කරලා. විශ‍්‍රාමිකයන්ටත් වැටුපක් එකතු කරලයි. ඒ භාරදීපු රාජ්‍ය යාන්ත‍්‍රණය ආරක්‍ෂා කිරීමට අපොහොසත් වෙලා තියෙනවා.

2003 එවකට රාජ්‍ය පරිපාලන ඇමැතිවරයා ලෙස කටයුතු කළ මා හට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා උපදෙස් දුන්නේ සියලූ වැටුප් කොමිෂන් සභා වාර්තා අහකට දාලා නව කමිටුවක් පත් කරලා එම කමිටුවේ තීරණ අනුව 1996.12.31 වැනි දින සිට 2001 අපි බලයට එනතුරු සිදුවෙලා තිබුණු අසාධාරණ සියල්ල දෙස බලා විශ‍්‍රාමිකයන්ගේ වැටුප් සියල්ලත් සංශෝධනය කරලා නව චක‍්‍රලේඛයක් නිකුත් කළා. එය කරන්න පුළුවන් වුණේ රනිල් වික‍්‍රමසිංහ මහතා ආර්ථිකය නිසියාකාරව හසුරුවලා 2003 අයවැයෙන් අතිරේඛව රුපියල් බිලියන 3 ක් විශ‍්‍රාමිකයන් වෙනුවෙන් වෙන් කළා. ඒ වෙන්කිරීම නිසාම පොලිසියේ ඒ.එස්.පී. මහත්මයෙකුට එස්.එස්.පී. වෙන්න බැරි වුණත් ඔවුන් එස්.එස්.පී. පඩිය ගත්තා. ඒ ක‍්‍රමය ඇති කළත් රාජ්‍ය සේවකයන්ගේ උසස්වීමත් නැහැ. දීමනාවත් නැහැ. එවිට ඇතිවෙන අතෘප්තිය නැති කිරීම සඳහා තමයි අපි ඒ පියවර ගත්තේ. ඒ අනුව 2004 අපේ‍්‍රල් 25 වන දින, 2003 දෙසැම්බර් මාසයේදීත් එවකට රාජ්‍ය පරිපාලන ලේකම් වරයා විසින් නිකුත්කරන ලද චක‍්‍රලේඛයට සමගාමීව 2004 පෙබරවාරි 25 වන දින නව චක‍්‍රලේඛයක් නිකුත්කරමින් 2004.01.01 දින සිට 1996 සිට සිදුවූ අසාධාරණය වෙනස්කිරීමට පියවර ගත්තේ රනිල් වික‍්‍රමසිංහ හිටපු අග‍්‍රාමාත්‍යතුමා බව මතක් කළ යුතුයි.
දැන් කෙසේ හෝ අග‍්‍රහාර රක්‍ෂණ ක‍්‍රමය එවකට කි‍්‍රයාත්මක කළා. 2001, 2004 කාලයේත් අපි එය ශක්තිමත් කිරීමට පියවර ගත්තා. හැබැයි සමාජයට පණිවුඩයක් අරගෙන ගියා. රාජ්‍ය සේවකයන්ගේ අග‍්‍රහාර රක්‍ෂණ ක‍්‍රමය අහෝසි කරනවා කියලා. එය සම්පූර්ණ අසත්‍යයක්. රාජ්‍ය සේවකයන්ගෙන් මසකට රුපියල් මිලියන 585 ක් රජයෙන් රුපියල් මිලියන 538 ක් දාලා රුපියල් මිලියන 1123 ක් දාලා තමයි අග‍්‍රහාර රක්‍ෂණය කි‍්‍රයාත්මක කළේ. එවකට විෂය බාර ඇමැතිවරයා ලෙස මම එදත් රක්‍ෂණ සමාගම් සමග සාකච්ඡුා කරලා හානියක් නොවෙන්න රාජ්‍ය සේවකයනුත්, විශ‍්‍රාමිකයනුත් ආරක්‍ෂා කිරීමට එක්සත් ජාතික පක්‍ෂය පියවර ගත්තා.

එපමණක් නොවෙයි, 1996.12.31 දින සිට වැටුප් පරිමාණයේ උපරිමයට පැමිණි නිලධාරීන්ට වැටුප් වර්ධක ලබාදීලා තිබුණේ නෑ. ඒවත් 2003.06.05 අංක (ආ*1/4/3/(1* චක‍්‍රලේඛය නිකුත්කරලා සමස්ත රාජ්‍ය සේවකයන්ගේ වැටුප් පරිමාණයේ උපරිම වැටුප් පියවරට පැමිණි නිලධාරීන්ට උපරිමයේ රැුඳී සිටීම වෙනුවෙන් වැටුප් වර්ධක ලබාදීමට 1997.11.12 වැනි දින චක‍්‍රලේඛයට හානියක් නොකර කි‍්‍රයාත්මක කිරීම සිදුකළා. එය කි‍්‍රයාත්මක කළේ 2002.12.31 වැනි දිනට බලපාන පරිදි. එසේ කි‍්‍රයාත්මක කරලා රාජ්‍ය යාන්ත‍්‍රණය ශක්තිමත් කළේ රනිල් වික‍්‍රමසිංහ අග‍්‍රාමාත්‍යතුමාගේ ආර්ථික වැඩපිළිවෙළ නිසයි කියලා මම මේ වෙලාවේ මතක් කරන්න කැමතියි.
වර්තමානයේ විශ‍්‍රාමිකයන්ට පමණක් නොවේ රාජ්‍ය යාන්ත‍්‍රණයේ ඉන්න සේවකයන්ටත් එදා ඔවුන් විශ‍්‍රාම
ගිය පසුව තමයි ඔවුන්ගේ ජීවිතයේ අවසන් භාගයේ යම් යම් රෝග වැළඳීම ආරම්භ වෙන්නේ. එවැනි අවස්ථාවක වෙනදා මසකට රුපියල් 2000 ක් නම් බෙහෙත්වලට ගියේ, අද රුපියල් 4000 ක් පමණ යනවා. ඒක රාජ්‍ය සේවකයටත් එහෙමයි. විශ‍්‍රාමිකයටත් එහෙමයි. එවැනි තත්ත්වයක් තුළ වයස අවුරුදු 70 ට වැඩි විශ‍්‍රාමික උදවියට යම් රක්‍ෂණ සමාගම්වලට යම් ලාභ ලබා ගැනීමට අහිතකර වෙන්න පුළුවන්. මොකද 70 ට වැඩි අය රෝහල් ගත වුණාම අසනීප තියන ප‍්‍රමාණය වැඩියි. එවැනි වෙලාවක රාජ්‍ය යාන්ත‍්‍රණයේ හිටපු අයත් ඉන්න අයත් විශ‍්‍රාමිකයන් බලාගන්න ලෝකේ අලූත් ක‍්‍රමවේද කල්පනා කරලා අලූත් විදියට රටට සැලැස්මක් ඕන කරලා තියෙනවා. ඒ ගැන එක්සත් ජාතික පක්‍ෂය මේ මොහොතේ සිතමින් ඉන්නවා.
 

advertistmentadvertistment
advertistmentadvertistment