මහ මැතිවරණයක් නැතිව ආණ්ඩු මාරු කරන්න බෑ!

286

මහ පාර විකල්පයක් නෙවෙයි

ආණ්ඩුවක් තෝරා ගැනීම හෝ වෙනස් කිරීම සිදු කරන්නේ ජනතාව තෝරාගත් පාර්ලිමේන්තුවක් විසින් පමණක් බවත් මහපාර ඊට විකල්පයක් නොවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එබැවින් පාර්ලිමේන්තු මැතිවරණයක් නොමැතිව ආණ්ඩු මාරුවක් සිදුකළ නොහැකි යැයි ද ජනාධිපතිවරයා සඳහන් කරයි.

රටේ ආර්ථිකය පිළිබඳ යහපත් ප්‍රතිඵල ළඟදීම ලැබීමට නියමිත බවත් ආර්ථික වශයෙන් බිඳ වැටීම මගින් රටවල් අරාජික වන බවත් ජනාධිපතිවරයා පවසයි.

එබැවින් රටක ව්‍යවස්ථාව මෙන්ම ආර්ථිකය ද එක ලෙස ආරක්ෂා කිරීමට සියලුදෙනා කටයුතු කළ යුතුව ඇතැයි ද ජනාධිපතිවරයා පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ත්‍රිකුණාමලය ගුවන් හමුදා කඳවුරේදී ඉකුත් 03 වැනිදා පැවති ගුවන් හමුදාවේ අධිකාරියට පත් කැඩෙට් නිලධාරීන්ගේ විසිර යෑමේ උළෙල අමතමිනි.

advertistmentadvertistment
advertistmentadvertistment