මහ රැජිනගේ අවමඟුල් උත්සවය පැයකට සීමා වේ

438

ලබන සඳුදා (19දා) ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ පැවැත්වීමට නියමිතව ඇති අභාවප්‍රාප්ත දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ රාජකීය අවමඟුල් උත්සවය පැයක පමණ කාලයකින් අවසන් වීමට නියමිත බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති බව එංගලන්තයේ ‘ස්කයි’ ප්‍රවෘත්ති සේවාව පවසයි.

දැනට වෙස්ට්මිනිස්ටර් ශාලාවේ තැන්පත් කර ඇති රැජිනගේ දේහයට අවසන් ගෞරවය දැක්වීම ලබන සඳුදා එංගලන්ත වේලාවෙන් සවස 3.30 ට නිල වශයෙන් අවසන් වන අතර එම වේලාවෙන් පසු මහජනතාව සඳහා වෙස්ට්මිනිස්ටර් ශාලාව වසා දැමීමට නියමිතය. එදින රාත්‍රී 7.44ට පමණ රථයක තැන්පත් කෙරෙන මහ රැජිනගේ දේහය රැගත් දෙන වෙස්ට්මිනිස්ටර් ශාලාවට මදක් දුරින් පිහිටි වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානය වෙත ගෙන යෑමට නියමිත අතර දෙන සහිත රිය පසුපසින් තුන්වැනි චාල්ස් රජු හා රජ පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් ගමන් ගැනීමට නියමිතව ඇත.

අවමගුල් උත්සවය රාත්‍රී 8.00ට ආරම්භ වී 9.00ට පෙර අවසන් කෙරෙන බව නිල වශයෙන් නිවේදනය කර තිබේ. මේ අතර ඊයේ (16දා) දිනය වන විට මහ රැජිනගේ දේහයට අවසන් ගෞරවය දැක්වීම සඳහා ලන්ඩනයේ සැතපුම් 4කට වඩා දිගැති පෝලිමක් පැවති අතර මේ අනුව එම පෝලිමේ සිටින එක් අයකුට රැජිනට අවසන් ගෞරවය දැක්වීම සඳහා පැය 11ක පමණ කාලයක් බලා සිටීමට සිදුවන තත්ත්වයක් නිර්මාණය වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment