මහ රැ අන්තර්ජාලයෙන් පෙම් රැගුම් පෑ දුව – අබ්ලික් Story

1555

අපි අද කියන්න යන මේ කතාවත් ඔන්ලයින් නිසා වෙච්ච ඇබැද්දියක් ගැනයි.
 
 චතුරිකා අපොස සාමාන්‍ය පෙළ පංතිවල අධ්‍යාපන ලබන ශිෂ්‍යාවක්. එයා පදිංචිවෙලා හිටියෙ කුරුණෑගල පැත්තෙ ගමක. චතුරිකාගෙ අම්මයි තාත්තයි රැුකියාවල් කළා. චතුරිකාට හිටියෙ බාල මල්ලිකෙනෙකුයි නංගි කෙනෙකුයි.
 
 අම්මා තාත්තා රැුකියාවට ගියාට පස්සෙ මේ තුන්දෙනා ගෙදර හිටියෙ වයසක ආච්චිඅම්මත් එක්ක.
 
 මේ වයෝවෘද්ධ ආච්චිඅම්මට ඔන්ලයින් ඉන්ටනෙට් ගැන කිසිම දැනුමක් තිබුණෙ නැහැ. දරුවො තුන්දෙනා ටෙලිෆෝන් බදාගෙන උදේ ඉඳලා ? එළිවෙනකල් ඉන්න හැටි විතරයි ආච්චිඅම්මා දකින්නෙ.
 
 අනේ දරුවනේ උඹළට පිස්සු හැදෙන්නෙ නැද්ද. උදේ ඉඳලා ? වෙනකල් ඔය කෙහෙල්මල් දිහා බලාගෙන ඉඳලා.
 
 ඉවසලා ඉවසලා බැරිම තැන ආච්චිඅම්මා චතුරිකාට කිව්වා.
 
 කොහොම කොහොම හරි චතුරිකා විතරක් නෙමෙයි එයාගෙ නංගියි මල්ලියි දෙන්නත් මේ අන්තර්ජාලයේ සැරිසැරිල්ලට ඇබ්බැහිවෙලා හිටියෙ.
 
 අධ්‍යාපනය පැත්තක තියලා මේ තුන්දෙනාම වෙනම ලෝකවල තනිවෙලා සිටියේ. අම්මට තාත්තට දරුවන්ගෙ කෙරුවාවල් ගැන හොයන්න බලන්න වෙලාවක් තිබුණෙත් නැහැ.
 
 අන්තර්ජාලය පරිශීලනය කරන්න ගත්තට පස්සෙ චතුරිකා ෆේස්බුක් ගිණුමකුත් හදාගත්තා. ඒ හරහා රට පුරාම යාළුවො රොත්තකුත් එකතුකර ගත්තා. දැන් චතුරිකා උදේ ඉඳලා ?වෙනකල් කළේ මේ ෆේස්බුක් වලින් අඳුනගත්ත එක එක ජාතියෙ කොල්ලො එක්ක දැට් කරන එක. කොටින්ම චතුරිකා මේ වැඬේට ඇබ්බැහි වෙලා හිටියේ.
 
 මේ ෆේස්බුක් එක හරහා චතුරිකා පේ‍්‍රම කරන්නට පටන් ගත්තෙ ඔය අතරෙදියි. මාලන් තමයි චතුරිකාගෙ ෆේස්බුක් පෙම්වතා. මාලන් පාසල් අධ්‍යාපනය නිමකරලා ඔහේ ඉබාගාතෙ යමින් ඉන්න තරුණයෙක්.
 
 අනේ චතූ ඔයා එක්ක මට හැම වෙලේම කතා කර කර ඉන්න ඕනෙ. මට දැන් ඔයා නැතුව මොහොතක්වත් ඉන්න බැහැ.
 
 මාලන් චතුරිකාට කිව්වා. මටත් එහෙමයි මාලන් මට දැන් ඉගෙනගන්න ඕනෙත් නැහැ. ඔයා ළඟට වෙලා ඔයාට තුරුලූවෙලා ඉන්න තියනවනම් මට ඒ ඇති.
 
 රට තොට ගැන මෙලෝ දැනුමක් නැති චතුරිකා කිව්වා. දවල් ? නැතුව මේ දෙන්න දැන් පේ‍්‍රමකරනවා. චතුරිකාගෙ අම්මා තාත්තා දුවගෙ කෙරුවාව ගැන දැනගෙන හිටියෙ නැහැ. එයාලා හිතුවෙ අපොස සාමාන්‍ය පෙළ මහ ඉහළින් සමත් වෙන්න තමන්ගෙ ලොකු දුව දවල් ? නැතුව ඔන්ලයින් ක‍්‍රමයට අධ්‍යාපනය ලබනවා කියලා.
 
 දවසක් පාන්දර ජාමේ චතුරිකාගෙ අම්මට එකපාරටම ඇහැරුණා. එතුරිකායි නංගියි නිදියන්නෙ අම්මා එක්ක. ඇහැරිලා බලද්දී චතුරිකා කාමරේ නැහැ.
 
 දුවේ චතුරිකා…..
 
 අම්මා චතුරිකාට කිහිප වරක් කතා කළා. ඒත් කිසිම ප‍්‍රතිචාරයක් නැහැ. අම්මා හොඳටම කලබල වුණා. චතුරිකාගෙ අම්මයි තාත්තයි ගෙයින් එළියට බැහැලා චතුරිකාව හොයන්න ගත්තා. ඒත් කිසිම හෝඩුවාවක් නැහැ.
 
 තාත්තා විදුලි පන්දමත් අරගෙන වත්ත පහළට ගියා. වත්තපහළ දරමඩුව ඇතුළෙ කවුදෝ ඉන්න බව චතුරිකාගෙ තාත්තා යන්තමට දැක්කා. කුතුහලයෙන් යුතුව තාත්තා හෙමින් හෙමින් දරමඩුව ළඟට කිට්ටු කළා.
 
 චතුරිකා එයාගෙ බෙඞ්ෂීට් එක ඔළුවෙ හිටන් පොරවගෙන ලැප්ටොප් එක තුරුලූ කරගෙන අන්තර්ජාලය ඔස්සේ මාලන් එක්ක පෙම් කෙළිනවා. තාත්තා ළඟට ඇවිත් බෙල්ලෙන් අල්ලගන්න කල් චතුරිකාට සිහියක් තිබුණෙ නැහැ.
 
 චතුරිකාට පියවි සිහිය එන්න හොඳ පාරවල් කීපයක් වැදුණා. අන්තිමේදී ෆේස්බුක් පෙම්වතා අතහැරලා දාලා චතුරිකා ලැප්ටොප් එකත් තුරුලූ කරන් ගෙදරට දිව්වා.
 
 දෙමවුපියො මේ ගැන හොයලා බැලූවා. චතුරිකා හැමදාම වාගෙ මේ දේ කරන බව ඒ අය දැන ගත්තෙ ඊට පස්සෙ. ගෙදර හැමෝටම නින්ද ගියාට පස්සෙ චතුරිකා බෙඞ්ෂීට් එකත් ඔළුවෙ පොරවගෙන දරුමඩුවට වෙලා ෆේස්බුක් එකෙන් පෙම් කෙළින්න පුරුදු වෙලා හිටියා.
 
 අහිංසක අම්මයි තාත්තයි දුවගෙ කෙරුවාව දැනගන්න කොට ප‍්‍රමාද වැඩියි. තරුණ ¥ දරුවො ඉන්න දෙමවුපියො තමන්ගෙ දරුවො ගැන මීට වඩා උනන්දු වෙන්න ඕනෙ කාලයක් අපි පසුකරන්නෙ.
 
 – රණදේව
 

advertistmentadvertistment
advertistmentadvertistment