මහ රෑ  විදුලි  ගාස්තු  නංවනු බෑ – මහජන උපයෝගිතා කොමිසමේ සභාපති

241

තෙල් මිල වැඩිකළ හැටි  වැරදියි: අසාධාරණයි

දේශපාලකයන්ට ඇඟිලි ගහන්න බෑ

මහජන අදහස්වලට  දින 21ක් දෙනවා


තෙල් මිල ඉහළ දමන අන්දමට අසාධාරණ ලෙස එක් රැයකින් විදුලි බිල ඉහළ නොදමන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

විදුලි බිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට යෝජනා මාලාවක් සකස් කර තිබෙන අතර එය ජනතාවට ඉදිරිපත් කර ජනතා අදහස්ද ලබා ගැනීමෙන් අනතුරුව දින විසි එකකට පසු තබන සාකච්ඡාවකින් පසු ඒ පිළිබඳ තීරණයකට එළැඹෙන බවද හෙතෙම සඳහන් කළේය.

එහිදීත් අසාධාරණ ලෙස මිල සංශෝධනයක් නොකරන බව කී ඒ මහතා, සිදු කෙරෙනුයේ පිරිවැය පියවා ගැනීමක් පමණක් වන අතර එහිදී විiානුකූල ක්‍රමවේදයක් අනුගමනය කරන බවද කියා සිටියේය.

විදුලි ගාස්තු සංශෝධනයේදී කිසිදු දේශපාලනඥයකුට ඒ සඳහා මැදිහත් වීමට ඇඟිලි ගැසීමට මහජන උපයෝගිතා කොමිසම ඉඩ නොතබන බවද ඒ මහතා අවධාරණය කළේය.

අද මෙරට ඉන්ධන මිල ඉහළ දැමෙන්නේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල සලකා බැලීමකින් තොරව බව කී ඒ මහතා, පවතින විදේශ සංචිත අර්බුදය හමුවේ ටෙන්ඩර් පටිපාටියකින් තොරව හදිසියේ සිදුකෙරෙන මිලදී ගැනීම්වලදී ප්‍රකාශිත මිල ගණන් අනුව එය සිදු කෙරෙන බවද පැවසීය.

එම තත්ත්වය ඉතා අසාධාරණ ක්‍රියාවලියක් බව ද ජනක රත්නායක මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

සමන් ගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment