මහ වැස්සෙන් මරණ 2ක් – දෙදෙනෙක් අතුරුදන් 5119 ක් පීඩාවට

103

පළාත් 05 කට බලපා තිබෙන අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් පුද්ගලයන් දෙදෙනෙකු අතුරුද්නවී පවුල් 1273 කට අයත් පුද්ගලයන් 5119 ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පුද්ගලයන් ආපදාවට පත්ව ඇත්තේ සබරගමුව, මධ්‍යම, උතුර, ඌව සහ වයඹ පළාත්වලිනි. මරණ දෙක යාපනය, මුලතිව් හා බදුල්ල ඇල්ල ප‍්‍රදේශයෙන් වාර්තා වී ඇත. තුවාල සිදුවීම් දෙකක් සබරගමුව රත්නපුර ප‍්‍රදේශයෙන් හා යාපනය තුනුක්කල් ප‍්‍රදේශයෙන් වාර්තා වී තිබේ.

ආපදා තත්ත්වයෙන් නිවාස තුනකට සම්පූර්ණයෙන් හානිවී නිවාස 347 කට අර්ධ හානි සිදුවී ඇත. ව්‍යාපාරික ස්ථාන 07 කට ද හානි සිදුවී ඇත. පීඩාවට පත්ව සිටින පවුල් 16 කට අයත් පුද්ගලයන් 66 දෙනෙකු ආරක්‍ෂිත ස්ථාන දෙකක රැුඳවීමට පියවර ගෙන ඇතැයි අපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment