මහ වැසිත් සමග දිඹුල පතන වතු නිවසකට පස් කන්දක් කඩා වැටී තිදරු මව ජීවිතක්ෂයට

120

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග දිඹුල පතන පොලිස් වසමට අයත් මවුන්ට් වර්නන් වතුයායේ ඉහළ කොටසේ වතු නිවසක මුළුතැන්ගෙට පස් කන්දක් කඩා වැටීමෙන් මුළුතැන්ගෙහි රැඳී සිටි තිදරු මවක් ජීවිතක්ෂයට පත් වී ඇති බව දිඹුල පතන පොලිසිය පැවසීය.

මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ කොටගල දිඹුල පතන මවුන්ට් වර්නන් වතුයායේ පදිංචි පුණ්‍යමූර්ති කාලිඅම්මා නමැති 49 හැවිරිදි තිදරු මවකි.

03 දින අලු‍යම ජීවිතක්ෂයට පත් තිදරු මව උදෑසන ආහාර පිළියෙල කිරීමට මුළුතැන්ගෙට පැමිණි අවස්ථාවේ නිවසේ පිටුපස තාවකාලිකව ඉදිකර තිබූ මුළුතැන්ගෙට පස්කන්ද කඩා වැටී ඇත. පස් කන්ද කඩා වැටීමත් සමග එම වතුයායේ වතු කම්කරුවන් දැඩි පරිශ්‍රමයක් දරා පස් කන්දට යට වී සිටි තිදරු මව ගොඩගෙන කොටගල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කරන අවස්ථාවේ කාන්තාව මියගොස් ඇති බව දිඹුල පතන පොලිසිය කියා පැවසීය.

ආපදාව හේතුවෙන් මියගිය කාන්තාව වෙනුවෙන් වන්දි මුදලක් ගෙවීමට පියවර ගෙන ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකෝන් මහතා පැවසීය.

ඡායාරූප හා සටහන නුවරඑලිය නාලක රත්නායක
 

advertistmentadvertistment
advertistmentadvertistment