මළවුන්ගේ දිනය සමරමින්….

172

ලෝකවාසී කතෝලික ජනතාවගේ මළවුන් සැමරීමේ දිනය ඊයේට (02 දා) යෙදී තිබිණි. “මළවුන්ගේ දිනය” නමින් හැඳින්වූ මෙදින දිවයින පුරා දෙම්මැඳුරුවලට අනුබද්ධ සුසාන භූමිවලදී දිව්‍ය පූජාවන් පවත්වා, සුසානභූමි අසිරිගැන්වීම සිදුවිය. කතෝලික බැතිමත්හු සුසානභූමි වෙත පැමිණ තම මියගියා වූ දෙමාපියන්, ඥාතීන්, හිතවතුන් සිහිපත් කරමින් ඉටිපහන් දල්වා, පුෂ්පෝපහාර දැක්වූහ.

දළුගම ශා.ප්‍රැන්සිස් ද සාලෙස් මුනිඳු දෙව්මැඳුරට අනුබද්ධ සුසානභූමියේ පැවැති දිව්‍ය පූජාවෙන් අනතුරුව එම අවස්ථාවේ ප්‍රධානත්වය දැරූ දළුගම ග්‍රාමයේ පූජක පුතකු වන ඉඳිගොල්ල ශා. ජූඩ් සිද්ධස්ථාන පාලක ආචාර්ය ජේ. පැටි්‍රක් පෙරේරා පියතුමා සුසානභූමිය අසිරි ගැන්වූ අයුරු.

ඡායාරූපය – ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment