මළ කිරි එළදෙන ගොඩගෙන මසට විකුණලා

492

මේ ගම බේරුවල ප‍්‍රදේශයට ආසන්නයේ පිහිටි ගමකි. ඔපිසර මේ ගමේ ජීවත්වූයේ හරක් පට්ටියක් ඇතිදැඩි කරගනිමිනි. පොල්ගෙඩි කිහිපයක් අහුලාගෙන හරක්ට තණකොළ කපා උන්ව ගස් බැඳ සරල දිවියක් ගෙවූ ඔහු කුඹුරක් මෙන්ම අඳේට ගත් වත්තක ගොවිතැනක් ද කරගෙන ගිය නිසා එය පවුලක් නඩත්තුවට සෑහෙන රක්ෂාවක් බවට පත්ව තිබිණි.

දරුපැටියා පාසල් යවා හවසට පොඩි අඩියක් ද ගසා සොඳුරු, නිහඬ දිවිය හරි අපුරු එකක් බවට ඔහු පත්කර ගත්තේ සරලකම මේ යැයි කියා පාමිනි.

එළදෙනුන්ගේ කිරි දොවා එය අලෙවි කර ලද ආදායම ඔහුගේ සරල දිවියට ප‍්‍රමාණවත් එකකි.

මේ අල්ලපනැල්ලේ ඔපිසර සතුව සිටි වයසින් වැඩිම කිරි එළදෙන හදිසියේම මිය පරලොව ගියේය.

ජීවිතයේ අනියත බව දත් ඔපිසරගේ දෑසට කඳුළු ගලා ආවේ ඒ එළදෙන ඔහුගේ ජීවිතය හා බැඳී සිටි නිසාය.

ගමේ කිහිපදෙනකු හා එක්ව ඔහු වෙල්යායට කිට්ටු ඕවිටක වළක් කපා එළදෙන මිහිදන් කළේ එක කුස උපන් සොයුරකු වළ දමන ආකාරයේ සිත් වේදනාවෙනි.

රාති‍්‍රය එළැඹිණි. එළිවන විට එළදෙන වළ දැමූ තැන ඌ නැත. අතුරුදන්ය. මළ කුණ ගෙන කිසිවකු මුදල් කර ඇත. ‘‘මේ කාලේ සල්ලි තමා වැදගත් ඔපිසර මහත්තයා මේ මුදල තියා ගන්න. මස් කඩේ මුදලාලි දුන් මුදල ඔහුගේ ම මුහුණට දමා ගැසු ඔපිසර, කසිප්පු තිප්පළට වැදී උතුරු දකුණු මාරු වනතුරු බිව්වේ හිතට නැගුන දරාගත නොහැකි ශෝකය නිසාය.
පේ‍්‍රම්

advertistmentadvertistment
advertistmentadvertistment