මළ ගණන විසිදහසක්

437

තුර්කියේ සිටි ශ්‍රී ලාංකික කතක් ගැන මෙතෙක් තොරතුරක් නෑ
මියගිය 5000 කගේ සිරුරු හමුවේ

දකුණු දිග තුර්කිය හා උතුරු දිග සිරියාව කම්පනයට පත්කළ මහා භූමිකම්පාවෙන් මියගිය පිරිස විසිදහස ඉක්මවා ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පුරෝකථනය කර ඇත.

මේ භූමිකම්පනය සිදුවීමට පෙර කුරුල්ලන් කලබලයට පත්වී අමුතු හැසිරීමක් දක්වන අකාරයේ වීඩියෝ සමාජ මාධ්‍ය තුළ සැරිසරයි.

තුර්කිය පිහිටා ඇත්තේ ලොව සක්‍රියම භූකම්පන කලාපයකය.

තුර්කි මාධ්‍ය පවසන්නේ සඳුදා (6 දා) අලුයම් කාලයේ ප්‍රධාන භූමිකම්පා දෙකක් සිදුව ඇති බවයි.

මේ වනවිට තුර්කිය හා සිරියාවේ මියගිය පිරිස පන්දහස ඉක්මවා ඇත. තුවාල ලැබූ පිරිස විසිදහස ඉක්මවා තිබේ.

චතුර පමුණුව සහ ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment