මාකුඹුක්කඩවලින් ඇතෙකුගේ සිරුරක් හමුවේ

15

මහකුඹුක්කඩවල ප්‍රදේශයේ මියගොස් ඇති වන ඇතකුගේ සිරුරක් හමුවී ඇති බව මහකුඹුක්කඩවල පොලීසිය පවසයි.

ඉකුත් 29 වැනිදා මහකුඹුක්කඩවල – කොහොඹගස්වැව ප්‍රදේශයේ ඉඩමක තිබී මිය ගොස් ඇති වන ඇතාගේ සිරුර හමුවී ඇත.

මිය ගොස් ඇති වන ඇතාගේ සිරුර හමුවී ඇත්තේ වගා කටයුතු සිදු කර තිබූ ඉඩමක තිබියදීය. එම ඉඩමේ හිමිකරු විදේශ ගත වී සිටින අතර, ඉඩම වටා ආරක්ෂාවට අලි වැටක්ද ඉදිකර තිබී ඇත. එම ඉඩමේ හිමිකරුගේ බිරිඳ මහකුඹුක්කඩවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඇතා මිය යෑමට හේතුවෙ අනාවරණය වී නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සඳහා කරුවලගස්වැව පිහිටි වන ජීවී කාර්යාලයට දැනුම් දීමට කටයුතු කළ බවත් මහකුඹුක්කඩවල පොලීසිය කියයි.

මේ වන විට වසර 15 කට වැඩි කාලයක් මහකුඹුක්කඩවල සහ ඒ අවට පදිංචිකරුවන් වන අලින්ගෙන් පීඩා විඳිමින් සිටී. පසුගිය කාලය තුළ වන අලින් විසින් පහර දීම නිසා පුද්ගලයින් කීප දෙනෙකුම මිය ගොස් ඇති අතර, වගා හා දේපල හානි රැසක්ද වාර්තා වී තිබුණි.

පුත්තලම – නලින් හෙන්දුරුගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment