මාගම්පුර ලංවා කර්මාන්ත පුරවරයේ නව වානේ සහ සෙවිලි තහඩු කර්මාන්ත ශාලා දෙකකට මුල්ගල් තබයි

323

සිලෝන් ස්ටීල් කෝපරේෂන් ලිමිටඞ් – මාගම්පුර කර්මාන්තශාලාවට මුල්ගල තැබීම
ඡායාරූපය නිශාන් එස්. ප‍්‍රියන්ත

ප‍්‍රභාත් විතාන

යපස් භාවිතයෙන් Steel Billet, Re Bar සහ Wire Rod නිපදවන දිවයිනේ ප‍්‍රථම සහ විශාලතම කර්මාන්තශාලාවට මුල්ගල තැබීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ගරු අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ අනෙකූත් ආරාධිත අමුත්තන්ගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා සුබ මොහොතින් මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ ලංවා කර්මාන්තපුරයට අයත් පරිශ‍්‍රයේදී සිදු විය.

මෙම ව්යාපෘතිය ඉතා උසස් තත්ත්වයේ වානේ නිෂ්පාදන සඳහා දීර්ඝකාලීනව නිකැළැල් නාමයක් දරා සිටින ‘ලංවා’ සන්නාමය හිමිකරු සිලෝන් ස්ටීල් කෝපරේෂන් ලිමිටඞ් විසින් ලාංකේය ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ ප‍්‍රගමනය වෙනුවෙන් සිදුකරන තවත් නව ආයෝජනයකි.

මෙතෙක් කලක් ආනයනික Steel Billet මත රැඳී තිබුණු වානේ Re Bar සහ Wire Rod නිපදවීමේ කර්මාන්තය නව මගකට යොමු කරමින් යපස් භාවිතයෙන් සෘජුවම අවසන් නිෂ්පාදනය ලෙස Steel Billet, Re Bar සහ Wire Rod බවට පත්කිරීම මෙම කර්මාන්තශාලව තුළදී සිදු වෙයි.

”මෙය යුරෝපීය අති නවීන තාක්ෂණය යොදාගෙන ක‍්‍රියාත්මක කරන කර්මාන්තශාලාවක් වන අතර ඉදිකිරීම් අදියරේ දී මෙන්ම නිෂ්පාදන අදියරේ දීද පරිසර හිතකාමි ක‍්‍රමවේදයන් අනුගමනය කිරීමට අප ආයතනය බලාපොරොත්තු වෙනවා. එමෙන්ම, සියලූ නිෂ්පාදන අදියරවලදී බලශක්තිය උපරිම ලෙස උපයෝගී කර ගැනීමට කටයුතු කරන අතර පාරිසරික ආරක්ෂණ මිනුම් දඬුවලට අනුගතව අපේ නිෂ්පාදන ක‍්‍රියාවලිය සිදු වනු ඇතැයි සිලෝන් ස්ටීල් කෝපරේෂන් ලිමිටඞ් සභාපති නන්දන ලොකුවිතාන මහතා සඳහන් කළෙ ප‍්‍රකාශ කර සිටියි.

යෝජිත නව කර්මාන්ත ශාලාවේ වාර්ෂික නිෂ්පාදන ධාරිතාව මෙටි‍්‍රක් ටොන් ලක්ෂ හයක් වන අතර Steel Billet, Re Bar සහ Wire Rod යන ප‍්‍රධාන නිෂ්පාදන වර්ග වලින් එය සමන්විත වේ. මූලිකවම දේශීය වෙළඳපොළ අරමුණු කරගෙන නිෂ්පාදනයේ නියැළුන ද සිය නිෂ්පාදන අතිරික්තය හම්බන්තොට ජාත්‍යතන්තර වරාය හරහා අපනයනය කිරීමට ද සිලෝන් ස්ටීල් කෝපරේෂන් ලිමිටඞ් ආයතනය බලාපොරොත්තු වේ.

advertistmentadvertistment
advertistmentadvertistment