මාගල්කන්දේ සුදත්ත හිමියන්ටත් කොවිඞ්

410

සිංහල රාවය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන්ට කොරෝනා රෝගය වැළඳී ඇතැයි තහවුරු වී ඇත. 02 – පිටුවට
 
 පෙරේදා (09 දා* කළුතර සෞඛ්‍ය වෛi නිලධාරී කාර්යාලය මගින් සිදුකරන ලද පී. සී. ආර්. පරීක්‍ෂණයේදී තමාට කොරෝනා රෝගය වැළඳී ඇති බවට තහවුරු වූයේ යැයි ‘දිවයින’ ට උන්වහන්සේ පැවසූහ.
 
 තමන් වහන්සේගේ රියැදුරාට කොරෝනා වැළඳී ඇති බවට තහවුරුවීම නිසා විහාරස්ථානයේ වැඩවෙසෙන තමන්වහන්සේ සහ සාමනේර හිමිවරුන් සිව්දෙනා පී. සී. ආර්. පරීක්‍ෂණයට ලක්කළ බවත් එහිදී තමන් වහන්සේට රෝගය වැළඳී ඇති බව තහවුරු වී ඇති බවත් උන්වහන්සේ පැවසූහ.
 
 මේ වනවිට ඇඟපත රිදීම, හිසේ කැක්කුම පවතින බවත් කළුතර පෞද්ගලික රෝහලක නේවාසිකව ප‍්‍රතිකාර ලබන බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

 චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment