මාණික්කාවත හැදුවේ අවුරුදු අටකට පස්සේ – අධ්‍යක්‍ෂ සුදත් රෝහණ

508

සුදත් රෝහණ ටෙලිනාට්‍ය අධක්‍ෂණයට පිවිසෙනුයේ 1990 දී ‘කෙටි කතාවක්’ ටෙලි නාට්‍යයට නැගීමෙනි. එම කතාව කමල් පෙරේරාගේ අමරවාතී සහ සෝමදාස නම් වෙයි. ඉක්බිතිව ටෙලි නිර්මාණ රැසක් සදහා සාහිත්‍ය කෘති ගණනාවක් පාදක කොට ගත්තේය. 1993 දී සරත් විජේසූරියගේ අවිදු අදුර, 1994 දී සරත් විජේසූරිය ගේ නිරානන්දය, 1995 දී පියසේන කහදගමගේ වනවදුලේ වසන්තය, 1996 දී ජයසේන ජයකොඩිගේ බැද්දේගෙදර, 1998 දී ස්වර්ණලතා කිරිවත්තුඩුවගේ හිරු අවරට යා නොමදී ඇසුරෙන් ස්වර්ණ තිසරාවි, 2001 දී ජයසේන ජයකොඩිගේ අඹුදරුවෝ, 2005 දී සරත් ධර්මසිරි ගේ කටුඉඹුල, 2008 දී මාර්ටින් වික‍්‍රසිංහගේ ස්වයංජාත, ශාන්ති දිසානායකගේ ගිරිකුළ සුදත් රෝහණ අතින් ශ‍්‍රව්‍ය දෘෂ්‍ය සත්කාරය ලත් නවකතා අතර වෙයි.

 සුදත්ගේ රූපවාහිනී මෙහෙවර ටෙලි නාට්‍ය කිහිපයකට සීමානොවී මන්දාරම් එළි, දත් කුකුළු පාලා, යුග විලක්කුව, ඉරබටුතරුව, ගඟ අද්දර කැලේ, එක් ඉත්තක මල්, උතුවන්කන්දේ සරදියෙල්, ස්වයංජාත ඔහු ගේ ටෙලි නිර්මාණ අතරට ඇතුළත් වෙයි. මෙම ටෙලි නාට්‍ය සමුච්චය විමංසාවට ලක්කරන විට කරුණු කීපයක් මතුවෙයි. සුදත් අභියෝග සොයා යන්නෙකි. ඔහු සාමාන්‍ය කතා වස්තු ටෙලි නාට්‍යයට නොගනී. වර්තමානයේ බාලගණයේ දර්ශන එම ටෙලිනාට්‍ය තුළ නැත. සම්මානනීය ලේඛක මහින්ද ප‍්‍රසාද් මස්ඉඹුල් විසින් රචිත මාණික්කාවත නවකතාව ඇසුරින් පුංචි තිරයේ සම්මානනීය අධ්‍යක්‍ෂ සුදත් රෝහණයන් ගේ නවතම නිර්මාණ අස්වැද්දුම මාණික්කාවත නම් වේ.

මාණික්කාවත හැදුවේ අවුරුදු අටකට පස්සේ - අධ්‍යක්‍ෂ සුදත් රෝහණ



 සියවසක කාලයක් තුළ වූ ශ‍්‍රී ලංකාවේ සබරගමු බිම් පෙදෙස පෙරටුකරගෙන සමස්ත මහ පොළෝගැබ මතුපිට සිදුවූ සමාජ සංස්කෘතික ජීවන විපර්යාසය ‘‘මාණික්කාවත’’ නමැති රන් අස්වැන්න ගෙට ගන්නා සොදුරු සුගාමය ජාතික උරුමයේ නාලිකා සන්නාමය අයි ටී එන් සමගින් පසු ගියදා බත්තරමුල්ල අපේ ගම මහවලව්වේදී පැවැත්විණි.

 ගහකඩ බොල්පොළව පලා නැගුනයි උල්පත මහපොළොවේ මව්කිරි බී වැඩුනයි පැල්පත එතනයි පින්කෙත එතනයි පූදින සම්පත මහපොළොව් මව් හදවත

 ‘‘මාණික්කාවත’’ නමැති නිර්මාණ අස්වැද්දුම ගැන රාජ්‍ය සම්මානිත ලේඛක මහින්ද ප‍්‍රසාද් මස්ඉඹුල ගේ හඬ අවදි වුණේ මෙලෙසිනි.

 මාණික්කාවත කෘතිය රචනා කරන්න මට අවුරුදු තුනක විතර කාලයක් ගියා. 2012 වසරේ සිට 2015 වසර දක්වා කාලය. ඊට පස්සේ තිර නාටකය රචනා කරන්නත් අවුරුදු තුනක වගේ කාලයක් ගතවුණා. 2020-2021 වසර වෙනකම් මේ තිර නාටකයේ කටයුතු සිද්ධ වුණා. මම හිතන්නේ අවුරුදු වලින් බැලූවොත් අවුරුදු හයක් විතර ගිහිල්ල තියෙනවා. ඒ වගේම ජීවිතයේ හොදම කාලයෙන් වැඩිම කොටසක් මේ නිර්මාණයට වැය කරලා තියෙනවා. ඒ වගේම සුදත් රෝහණයන් විශාල කණ්ඩායමක් රූපමාධ්‍යයට අරගෙන ඇවිත් තියෙනවා. මේ කෘතිය වටාත් විශාල පාඨකයන් ප‍්‍රමාණයක් රැුඳිලා ඉන්නවා. නවකතාවක් රූප මාධ්‍යයට ගෙන ආවාහම පාඨකයා හිතනවා තමන් හිතේ මවාගෙන හිටපු චිත‍්‍රණය වෙනස් වේවිද කියල. අපි ක්‍ෂේත‍්‍රයේ වැඩ කරද්දී බොහෝ අත්දැකීමෙන් දන්නවා. බොහෝ නව කතාකරුවෝ නිර්මාණය රූපමාධ්‍යයට නගලා ඉවර වුණාට පස්සේ මොකක් හෝ සැකයක් හිතේ තියාගෙනයි ඉන්නේ. එක්කෝ මම මේක බලන්නේ නැහැ. එහෙම සදාතනික ගැලූවක් තියෙනවා. මම හිතනවා මට ඒ ගැටලූව නැහැ කියලා. ඒකට හේතුව තමයි මේක සුදත් රෝහණයන් විසින් අධ්‍යක්‍ෂණය කිරීම. මීට පෙරත් ගොඩක් අධ්‍යක්‍ෂකවරු මේ නවකතාව ටෙලිනාට්‍යයට නගන්න මගෙන් ඉල්ලූවත් මගේ එච්චර උනන්දුවක් තිබ්බේ නැහැ. අනික් එක තමයි ෆාහිම් මවුජූඞ් නමැති නිෂ්පාදකවරයා අද ලංකාවේ ඉන්න විශිෂ්ට නිෂ්පාදකවරයෙක්. කලාත්මක නිර්මාණ කරන්න බොහෝ ඇල්මක් දක්වන කිසිදු කොන්දේසියකින් තොරව නිර්මාණයේ කලාත්මක බව තියාගන්න වෙහෙසෙන නිෂ්පාදකවරයෙක්. ඒ නිසා මට හිතහදා ගැනීමේ වාසනාවක් මා තුළ හැදිලා තිබුණා. අධ්‍යක්‍ෂකවරයා සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡුා කරමින් තමයි තිර නාටකය සංස්කරණය සිදු කළේ. අනික මම මෙහි දර්ශන තලවලට පවා ගොස් තිබෙනවා. මේ නිර්මාණය දකිද්දී මට සතුටින් ගෙදර යන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන් ලංකාව වගේ රටක ඒ අවකාශය ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින් කියලා මට හිතෙනවා. බොහෝ බටහිර නිර්මාණ සාහිත්‍ය කෘති මුල්කරගෙන නිර්මාණය කරනවා. විශාල පිරිවැයක් දරන්න පුළුවන්කම තියෙනවා. ඒක උපයාගත් අවස්ථා ගොඩනගනවා. ලංකාවේ ඒ තත්ත්වය හරි අඩුයි. මේ නිර්මාණයට දායක වුණ අධ්‍යක්‍ෂකවරයා ගේ සිට නිෂ්පාදකවරයා සමඟ නිෂ්පාදක කණ්ඩායම වගේම නළු නිළියන්, කාර්මික ශිල්පීන් ඇතුළු සියලූ දෙනාම අසීමිත මහන්සියක් දරලා තියෙනවා. අපි මේ ක්‍ෂේත‍්‍රයට හොද ආදර්ශයක් ලබාදෙනවා කියලත් මට හිතෙනවා. මේ ක්‍ෂේත‍්‍රය පිළිබදව කතා කරන්න පුළුවන් තත්ත්වයක නෙමෙයි තියෙන්නේ. ඇත්තටම මම ටෙලි නාට්‍යයක් බලපු කාලයක් මතක නැහැ.

මාණික්කාවත හැදුවේ අවුරුදු අටකට පස්සේ - අධ්‍යක්‍ෂ සුදත් රෝහණ



 ජනාධිපති සම්මාන, සරසවි සම්මාන, රාජ්‍ය ටෙලි සම්මාන, සුමති, රයිගම්, ඕ. සී. අයි. සී. ඇතුළු ස්වර්ණ පුස්තක විශේෂ සම්මානයෙන්ද පිදුම් ලැබූ සුදත් රෝහණයන්ගේ

 ශ‍්‍රව්‍ය දෘෂ්‍ය නිර්මාණවලියේ නවතම නිර්මාණ අස්සැද්දුම ‘මාණික්කාවත’ ගැන සුදත් රෝහණ අධ්‍යක්‍ෂවරයා සිය භූමිකාව ගැන මෙලෙස හඬ අවදි විය.

 උසස් රසිකත්වය නිර්මාණය කරන්න යනකොට විදින්න වෙන ගැහැට ලබන්න වෙන ගැරහුම් කරන්න වෙන කැපවීම් අනන්තයි අප‍්‍රමාණයි. ඒක මාණික්කාවක නිර්මාණය කිරීමේදී සිද්ධවුණා. මම හිතනවා අනෙකුත් නිර්මාණවලට වඩා බාධක අර්බුද රැුසක් මේ නිර්මාණයට ආවා. ඒක මේ නිර්මාණයට ගැලපෙනවා. හැබැයි එක පැත්තකින් මම හිතනවා. ‘‘මාණික්කාවත’ කියන නම සමාජගත වෙන්නත් ඒ දේවල් ආශිර්වාදයක් වුණා. කොහොම නමුත් දරුවෙක් බිහිකරන්න අම්මා කෙනෙක් විලිරුදාවෙන් දඟලනවා වගේ දඟලලා දඟලලා මේ දරුවා මෙලොවට බිහි කළාට පස්සේ ලබන අසීමිත සතුටක් වගේ සතුටක් අද මම භුක්ති විඳිනවා. ජාතික උරුමයන් සුරකින නාලිකාවක් විදිහට මාණික්කාවත ස්වාධීන රූපවාහිනියෙන් සාඩම්බරයෙන් ඉදිරිපත් කිරීමට තීරණය කිරීම ගැනත් මම සතුටුවෙනවා. ඒ කාරණා කීපයක් ඔස්සේ.

 එකක් තමයි රාජ්‍ය මාධ්‍යයේ ආයතනයක වගකීම ඉටුකරමින් උසස් රසවින්දනයකින් යුතු නිර්මාණ බිහිකිරීම. මම ස්වාධීන රූපවාහිනියේ සභාපතිවරයා විදිහට වැඩ භාරගත්තාට පස්සේ විශේෂයෙන් ටෙලිනාට්‍යවල එක්තරා විදිහට ප‍්‍රමිතිකරණයක් කරන්න උත්සාහ කළා. විශේෂයෙන් මාධ්‍ය දහරාවක් හරහා. සමාජය බරපතළ අර්බුදයකට ලක්වෙලා තියෙනවා. එදා අපි රූපවාහිනියට සැලකුවේ අපේ මිතුරෙක් විදිහට. එහෙමත් නැතිනම් සරසවියත්, පන්සලත්, පල්ලියත්, කෝවිලත් වගේ භක්තියකින්, ආදරයකින්, ගෞරවයකින් සලකන තැනක් විදිහට. නමුත් මම දන්නවා වර්තමානයේ සමහර ගෙවල්වල රූපවාහිනිය පෙට්ටගමක දාලා වහල තියන තත්ත්වයකට පත්වෙලා තියෙනවා. එදා ආදරණීය මිතුරා අද ආදරණීය හතුරා බවට පත්වෙලා ඉවරයි. මොකද බොහෝ වෙලාවට ඉතාම බාල හරසුන්, බොළද අවරගණයේ නිර්මාණයන් තමයි හුඟාක් වෙලාවට රූපවාහිනී තිරය ඔස්සේ දිස්වෙන්නේ. එතකොට මම ඉස්සර ස්වාධීන රූපවාහිනියේ සභාපතිවරයා විදිහට අරගල කළේ යහපත් ටෙලි නාට්‍ය සංස්කෘතියක් හදන්න. මෙතැනට ආවට පස්සේ නැවත මම උත්සාහ කළේ ඒකේ දිගුවක් විදිහට යහපත් ටෙලිනාට්‍ය කලාවක්. යහපත් මාධ්‍ය කලාවක්. සංස්කෘතියක් හදන්න. ඉතිං ඒකට අපි කැපවෙනවා. ස්වාධීන රූපවාහිනිය අද වන විට ටෙලිනාට්‍ය කලාව යහපත් සංධිස්ථානයකට රැුගෙන ඇවිත් තියෙනවා. හොද නාට්‍යයක් නම් ෂඔභ කියන තැනට අපිව පත්කරන්න පුළුවන් වෙලා තියෙනවා.

මාණික්කාවත හැදුවේ අවුරුදු අටකට පස්සේ - අධ්‍යක්‍ෂ සුදත් රෝහණ



 එදා හොද දැවැන්ත නිර්මාණ බිහිවුණා. නමුත් අද මේ වකවානුවේ දැවැන්ත නිර්මාණ බිහිවෙන්නේ නැහැ. හරසුන් බාල බොළද නිර්මාණ තමයි බිහිවෙන්නේ. අද ටෙලිනාට්‍ය කලාවකට වැඩිය කර්මාන්තයක් බවට පත්වෙලයි තියෙන්නේ. සල්ලි හොයන දේවල් බවට පත්කරලා සමහරු කසිප්පු විකුණලා තවත් සමහරු ගණිකා වෘත්තියේ යෙදිලා. සමහරු කුඩු විකුණලා සල්ලි හොයනවා වගේ අද ටෙලිනාට්‍ය හරහා මුදල් හෙවීම තමයි බොහෝ වෙලාවට බොහෝ දෙනෙක් යොමුවෙලා තියෙන්නේ. විශේෂයෙන් ටෙලි නාට්‍යයක නළු නිළියන් පිළිබද, නිෂ්පාදන කණ්ඩායම පිළිබද තීරණය කරන්නේ නිර්මාණකරුවෝ නෙමෙයි සමහර පාලන අධිකාරිය. මම හිතනවා ඒක එතරම් හොද දෙයක් නෙමෙයි කියලා. අවසාන වශයෙන් නිර්මාණයකට වගකියන්නේ අධ්‍යක්‍ෂකවරයා. ඉතිං ඒ නිසා අධ්‍යක්‍ෂකවරයාගේ සිතුම් පැතුම් මත තමයි නිර්මාණයක් බිහිවිය යුත්තේ. එදා අපිට හොඳ ගුරුවරු හිටියා. නිර්මාණ තිබුණා. ඒවාගෙන්

 හොද අස්වැද්දුමක් ගත්තා. ස්වාධීන රූපවාහිනි සේවයේ දක්‍ෂ නිර්මාණකරුවන් රැුසක් ඉන්නවා. ඔවුන්ට ඉතාම යහපත් ආකාරයට ක්‍ෂේත‍්‍රයට ප‍්‍රවිෂ්ඨ වෙන්න පුළුවන් දොරගුළු විවර කරලා දෙන්නයි මගේ බලාපොරොත්තුව. මොකද මම හැමදාම ටෙලිනාට්‍ය කර කර ඉන්න බලාපොරොත්තුවක් නැහැ. මට ඕනෑ වුණේ ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ නිර්මාණකරුවෝ හරහා හොද නිර්මාණ ඉදිරියට නිර්මාණ කරන්න. ඒ සදහා ඉතාම යහපත් පූර්වාදර්ශයක් ලැබුණා කියල මම හිතනවා.

 අපි විදෙස් ටෙලි නාට්‍යවලට වෙළෙද පොළක් හදලා දීලා තිබුණත් ලංකාවේ නිර්මාණ සදහා අපිට වෙළෙද පොළක් නැහැ. ඒක ඇත්තටම එක්තරා විදිහකට ගැටලූවක්. ප‍්‍රශ්නයක්. මම හිතනවා මාණික්කාවත තුළින් පමණක් නෙමෙයි අපි ලංකාවේ ඉන්න විශිෂ්ට නිර්මාණකරුවන්ට ස්වාධීන රූපවාහිනියට සම්බන්ධවෙන්න ආරාධනා කළා. නවක නිර්මාණකරුවන්ටත් අපි හොද අවස්ථාවක් ලබාදුන්නා. මම හිතනවා ෆාහිම් මවුජූඞ් නිෂ්පාදනය කළ තණමල්විල කොල්ලෙක් ඊට හොදම නිදසුනක් කියලා. ඒ නිසා අපිට ප‍්‍රවීණද කියන කාරණාවට වඩා නිර්මාණශීලී කෞෂල්‍යයයි වැදගත් වෙන්නේ. ඒ නිසා ස්වාධීන රූපවාහිනිය විදිහට අවකාශය අවස්ථාව හදලා දුන්නා.

 මම ටෙලි නාට්‍යයක් හදන්නේ අවුරුදු අටකට පස්සේ. අවුරුදු අටකට ඉස්සරවෙලා නිෂ්පාදනය කළ නිර්මාණය නිෂ්පාදනය කළෙත් ෆාහිම් මවුජූඞ් මහතා. අද මේ කතා කරන මාණික්කාවත නිෂ්පාදනය කරන්නෙත් ඔහු. මම මේ සභාපති තනතුර භාරගන්නත්

 කලින් තමයි මේ කටයුත්තට අතගැසුවේ. මාණික්කාවත කියන්නේ මහින්ද ප‍්‍රසාද් මස්ඉඹුල කියන නිර්මාණවේදියාගේ විශිෂ්ටතම නිර්මාණයක්. මහින්ද සහ මා අතර දිගු කාලයක සම්බන්ධතාවයක් තියෙනවා. මගේ නිර්මාණවල සහාය අධ්‍යක්‍ෂකවරයෙක් විදිහටත් අපි වැඩ කරලා තියෙනවා.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment