මාතර අධිකරණයේ නීතිඥවරුන් මහ පාරේ

165

අභිනවයෙන් ඉදිකරන ලද මාතර අධිකරණයේ නීතිඥවරුන් සඳහා කිසිදු පහසුකමක් මේ වනවිට ද සලසා නැති බව නීතිඥවරුන් පවසයි. දැනට මාර්ගයේ අටවා ඇති තාවකාලික අට්ටාලයක සිය රාජකාරි කටයුතු කරගනිමින් සිටින අතර ජලය, විදුලිය හෝ සනීපාරක්‍ෂක පහසුකමක් ද නොමැතිව නොයකුත් දුෂ්කරතා මධ්‍යයේ තම සේවාදායකයන් වෙනුවෙන් ඔවුන් කැපවී සිටිති.

තම සේවාදායකයාගේ පෞද්ගලිකත්වය ආරක්‍ෂා කිරීමට හෝ ඔවුන් සමග සාකච්ඡා කිරීමට ද සිදුව ඇත්තේ එළිපත්තේය. මෙම සියලු කටයුතු සලකා බලා හැකි ඉක්මණින් නීතිඥ කාර්යාල සංකීර්ණයක් ඉදිකිරීමට බලධාරීන්ගේ අවධානය යොමු කිරීම ඉතාමත් ප්‍රමුඛ අවශ්‍යතාවයක් බව නීතිඥවරුන් සහ සේවාදායකයන්ගේ ද අරමුණ බව නීතිඥවරු ඇතුළු සියල්ලෝම පවසති.

advertistmentadvertistment
advertistmentadvertistment