මාතර තිහගොඩ සිද්ධිය දුර දිග යයි

933


මාතර තිහගොඩ මිදෙල්ලවල ප්‍රදේශයේදී 15 හැවිරිදි දරුවෙකුගේ හිසට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට සම්බන්ධ උප පොලිස් පරීක්ෂකවරයා පිළිබඳ අභ්‍යන්තර පොලිස් පරීක්ෂණයක්ද ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි.
මෙම උප පොලිස් පරීක්ෂකවරයා විසින් යම් කිසි අතපසුවීමක් සිදුකර ඇතිද යන්න සහ අපරාධ චෝදනාවක් සිදුකර තිබෙනවාද අපරාධ චෝදනාවක් ඔහු වෙත එල්ල වෙනවාද පිළිබඳව අනාවරණය කර ගැනීම සඳහා තවදුරටත් මෙම විමර්ශනය සහකාර පොලිස් අධිකාරිවරයෙකුගෙන් යුත් පොලිස් කණ්ඩායමක් විසින් සිදුකරනු ලබන බවද සඳහන් කරයි.

අදාළ සිදුවීමෙන් හිසට බරපතළ තුවාල සිදුවූ දරුවා මේ වන විටත් කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment