මාතර මහනාම පාලම ඉන්ධන ඉල්ලා උද්ඝෝෂණය කළ තරුණයාට  – වසර 3 1/2 ක බරපතළ සිර දඬුවමක්

1289

මාතර – කොළඹ ප්‍රධාන මාර්ගයේ මහනාම පාලම මත මාර්ගය අවහිර කරමින් ඉන්ධන ඉල්ලා උද්ඝෝෂණය කළ පිරිසක් අතරින් පොලිස් අත්අඩංගුවට ගත් තරුණයකුට මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය මගින් වසර 3 1/2 ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් හා රු. 6000 ක දඩයක් සමග රු. 50,000 ක වන්දියක් ගෙවන ලෙස ඊයේ (06 දා) නියෝග කළේය.

අයුතු ජන රාශියක සාමාජිකයකු වීම, අයුතු අවහිරය, පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පෑම, රජයේ දේපළවලට පහර දී අනර්තය සිදුකිරීම යන චෝදනාවලට අධිකරණය මගින් ඔහුට දඬුවම් නියම කර ඇත.

මෙහිදී උද්ඝෝෂණයේ නිරත වූ පිරිස පොලිස් ත්‍රිරෝද රථයකට අලාභහානි කර ඇති අතර සිරගත කළ තරුණයාට රු. 50,000 ක වන්දි ගෙවීමට නියමකර ඇත්තේ එම රථයට කළ අලාභය වෙනුවෙනි. මෙසේ දඬුවම් කර ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි තරුණයකුටය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment