මාතර වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල

89

මාතර මිදිගම ප්‍රදේශයේ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.මෝටර් රථයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් විසින් අවන්හලක් ඉදිරිපිට දී එහි හිමිකරුට වෙඩි තබා ඇති බව පොලීසිය පැවසුවේය.වෙඩි වැදීමෙන් තුවාල ලැබු පුද්ගලයා ප්‍රතිකාර සඳහා මාතර රෝහලට ඇතුළත් කර තිබේ.32 හැවිරිදි අදාළ පුද්ගලයා අවන්හල ඉදිරිපිට යතුරුපැදියක වාඩි වී සිටියදී වෑන් රථයකින් පැමිණි පිරිස ටී -56 ගිනිඅවියකින් එම වෙඩිතැබීම සිදුකර ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති බව සඳහන්ය.වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින් කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති අතර වෙඩි තැබීම සඳහා යොදාගත් වෑන් රථය අහංගම ප්‍රදේශයේ දමා ගොස් තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment