මාතලේ උසාවි ලේඛණාගාරයෙන් ගජමුතු 5ක් පැන්නූ පහක් මාට්ටු – කොටුවූ පිරිස අතර උසාවි සේවකයින් දෙදෙනෙකුත්

52

නඩු භාණ්ඩ ලෙස මාතලේ මහෙස්ත්‍රාත් අධිකරණයේ ලේඛණාගාරයේ ආරක්ෂිතව තිබූ ගජමුතු පහක් සොරකම් කර චීන ජාතිකයෙකුට අලෙවි කිරීමට සූදානම් වූ පස් දෙනෙකු මාතලේ කොට්ඨාස අපරාධ විමර්ෂණ ඒකකය විසින් (25දා) අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් දෙදෙනෙකු එම අධිකරණයේ සේවකයින් බව පොලිසිය පැවැසීය.

මාතලේ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ භාරකරු සහ කාර්ය සහායකයකු සමග පස් දෙනෙකු ගජමුතු සමග පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. අධිකරණයේ සේවය කරන සැකකරුවන් දෙදෙනා ඉතා සූක්ෂම ලෙස ගජමුතු 05ක් ලේඛණාගාරයෙන් ඉවත් කරගෙන තිබෙන බව කරන ලද විමර්ෂණවලදී තහවුරුවී ඇත.

සැකකරුවන් සමග යතුරු පැදියක් සහ ත්‍රීවීල් රථයක්ද පොලිසිය භාරයට ගෙන ඇත. අත් අඩංගුවට ගත් අධිකරණ සේවකයින් සහ සෙසු තිදෙනාට එරෙහිව මාතලේ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවැරීමට පොලිසිය පියවර ගෙන ඇත. මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක සහකාර පොලිස් අධිකාරි රොහාන් වනිගසේකර යන මහත්වරුන්ගේ උපදෙස් මත කොට්ඨාස අපරාධ විමර්ෂණ ඒකකයේ විමර්ෂණ (01) භාර නිලධාරි පොලිස් පරීක්ෂක කැළුම් බණ්ඩාර උ. පො. ප. වරුන් වන විජිත, හේරත්, දමයන්ත, මංජුල, ඉන්දික සහ සැරයන් 35803 අසේල, 8552 ගුණතිලක, 20749 ප්‍රේමසිරි, 57191 සාලිය, 33852 දිලීප 88391 ඉසුරු, 87884 මල්දෙනිය යන මහත්වරුන් වැටලීම සිදු කළහ.
මාතලේ විශේෂ නිමල් ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment