මාතලේ කොවිඩ් දේහ අවසන් කටයුතුවලට ලක්‍ෂ්මන්ගෙන් නොමිලේ පහසුකම්…

113

මාතලේ දිස්ත‍්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතාගේ සංකල්පයකට අනුව, මාතලේ දිසා රෝහල් අධ්‍යක්ෂවරයාගේ, නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ හා අධිකරණ වෛද්‍ය නිලධාරිගේ ඉල්ලීමකට අනුව මාතලේ දිස්ත‍්‍රික් අඩු ආදායම් ලාභී පවුල්වල කොවිඞ් ආසාදිත මළ සිරුරු භූමදාන සඳහා අවශ්‍ය පහසුකම් (මිනී පෙට්ටි) නොමිලේ සැලසීමට ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා ඊයේ ( 17 දා) සිට කටයුතු කරන්නට විය. ඊට සමගාමීව මාතලේ දිසා රෝහලට අවශ්‍ය විෂබීජ නාශක දියර, මුව ආවරණ හා රෝහල් කාර්ය මණ්ඩල සඳහා කොවිඞ් ආරක්ෂක ඇඳුම් කට්ටල ලබාදීමක් ද සිදුකරන්නට විය. මේ එහි අවස්ථාවකි. ඉදිරියටත් දිස්ති‍්‍රක්කයේ අනෙකුත් රෝහල්වලටත් මෙම පහසුකම් සැපයීමට අපේක්‍ෂා කරන බව ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා මහතා පැවසීය.

මාතලේ විශේෂ

advertistmentadvertistment
advertistmentadvertistment