මාතලේ, මහනුවර, ගාල්ල සහ කොළඹ අවසන් පූර්ව වටයට යයි

108

55 වෙනි අන්තර් දිස්ත්‍රික් එකාබද්ධ පාසල්  හොකී තරගාවලිය

ශ්‍රී ලංකා පාසල් හොකී  සංගමයේ මෙහෙයවීමෙන් කොළඹ හතේ රීඩ් මාවතේ පිහිටි කෘතිම ක්‍රීඩාංගණයේදී දැන් ක්‍රියාත්මක 55 වෙනි අන්තර් දිස්ත්‍රික් එකාබද්ධ පාසල් වයස අවුරුදු 20 න් පහළ බාලක හොකී තරගාවලියේ තීරණාත්මක අවසාන පූර්ව වටයට අවතීරණ වීමට මාතලේ පාසල් (රන්), මහනුවර පාසල් (නිල්) , ගාල්ල පාසල් (රන්) සහ කොළඹ පාසල් (රතු) යන කණ්ඩායම් සමත් විය.

ඒ අනුව මාතලේ පාසල්  (ගෝල්ඩ්ස්) පිලට එරෙහිව මහනුවර පාසල් (නිල්) කණ්ඩායම පෙරවරු 09.30 ට ද ගාල්ල පාසල් (රන්) කණ්ඩායමට එරෙහිව කොළඹ පාසල් (රතු) කණ්ඩායම පෙරවරු 11.00 ට ද අද (30) තරග වැදීමට නියමිතය.

ඊයේ (29) සහ පෙරේදා (28) සහ 27 දින ලීග් ක්‍රමයට පැවැති මූලික වටයේ තරග ආශ්‍රිතව සුවිශේෂ දක්ෂතා ප්‍රදර්ශනය කරමින් අද (29) දිනයේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත බාලිකා අවසන් පූර්ව වටය සඳහා වරම් ලබා

ගැනීමට කොළඹ පාසල් (රතු), මාතලේ පාසල්, පුත්තලම පාසල් සහ මහනුවර පාසල් (නිල්) යන කණ්ඩායම සුදුසුකම් ලැබීය.

එහි ප්‍රතිඵලයක් ලෙස පෙරවරු 06:30 ට මතලේ පිලට එරෙහිව පුත්තලම (නිල්) පිල ද පෙරවරු 8.00 ට මහනුවර (නිල්) පිලට එරෙහිව කොළඹ (රතු) කණ්ඩායමද තරග වැදීමට නියමිතය.

මෙවර තරගාවලියේ බාලිකා අවසාන මහා තරගය පස්වරු 02:45 ට ද බාලිකා අවසාන මහා තරගය පස්වරු 4 .00 ට කොළඹ කෘතිම ක්‍රීඩාංගණයේ දී ආරම්භ කිරීමට සංවිධායකයින් වන ශ්‍රී ලංකා පාසල් හොකී සංගමය පියවර ගෙන තිබේ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර
 

advertistmentadvertistment
advertistmentadvertistment