මාතලේ මාරක අනතුරින් දෙදරු මවක් ජීවිතක්ෂයට

107

මාතලේ රිවෙස්ටන් මාර්ගයේ ඉකුත් 9 දින සිදුවූ රිය අනතුරකින් කාන්තාවක මරණයට පත්ව දරුවන් තිදෙනකු ඇතුළු පස් දෙනෙකු තුවාල ලබා ඇත.

අනාරක්‍ෂිත මාර්ගයේ 27 සහ 28 සැතපුම් කණුව අතර දී මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී යෑමෙන් අනතුර සිදුව තිබූ බව පොලිස් පරීක්‍ෂණවලින් හෙළිව ඇත. මරණයට පත්වූයේ දෙදරු මවකි. ඇය උකුවෙල ගුරලවෙල ප්‍රදේශයේ පදිංචිකාරියකි. රථය පදවා ඇත්තේ ඇයගේ ස්වාමි පුරුෂයා වන අතර හෙතෙම පොලිස් සේවයේ නියුතු වූවකු බව හඳුනා ගෙන ඇත. තුවාල ලැබූවන් මාතලේ මහ රෝහලට ඇතුළත් කොට ඇත. ඔවුහු රිවස්ටන් ප්‍රදේශයේ සංචාරයක නිරතව සිට ආපසු එමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇතැයි පොලිසිය පවසයි. ලග්ගල පොලිසිය විසින් වැඩිදුර පරීක්‍ෂණ සිදුකරනු ලබයි.

මාතලේ විශේෂ – නිමල් ගුණතිලක, නාඋල – නිමල් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment