මාතලේ යාචකයන් දෙදෙනාගේ ගැටුමින් එක් අයෙක් මරුට

717

යාචකයන් දෙදෙනකු අතර ඇතිවූ ගැටුමක් දුරදිග යෑමෙන් එක් යාචකයකු මියගොස් ඇත. අනියම් පේ‍්‍රම සම්බන්ධයක් මත පහරදීම සිදුකර තිබෙන බව පොලිසිය කියයි.

මුගුරකින් පහරදීමෙන් මාතලේ අඹගහමුල බස් නැවැතුම්පළ අසල කඩපිලේ රැඳී සිටි යාචකයකු වන කිනේෂ් කුමාර් (35) මියගොස් ඇත. සැකකරු අත් අඩංගුවට ගෙන ඇත. මාතලේ වැඩබලන මහෙස්ත‍්‍රාත් නීතීඥ ලසන්ත පී. බාලසූරිය මහතා ස්ථානීය පරීක්‍ෂණය සිදුකර මෘත දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදු කරන ලෙස නියෝග කළහ. මෘත දේහය මාතලේ මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇතx මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් මත මාතලේ වැඩ බලන මූලස්ථාන පොලිස් ස්ථනාධිපති රත්නායක, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක එස්. පී. එම්. තිලකවර්ධන මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්‍ෂණ පවත්වති.

මාතලේ විශේෂ – නිමල් ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment