මාතලේ රන් සටන ක්‍රිකට් තරගය අනිද්දා

31

මාතලේ රජයේ විද්‍යා විදුහල සහ මාතලේ ශාන්ත තෝමස් විදුහල අතර 24 වැනි වරට ක්‍රියාත්මක කෙරෙන මහා ක්‍රිකට් තරගය ලබන 07 වැනි දින මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

1963 වසර දක්වා ඈතට දිවෙන රජයේ විද්‍යා සහ ශාන්ත තෝමස් යන දෙවිදුහල් අතර ක්‍රිකට් මහ තරගය කන්ද උඩරට මාතලේ පුරවරයේ ‘රන් සටන’ ලෙස හඳුන්වයි. මෙතෙක් පැවැති මහ තරග 23 ක අතීතය තුළ වැඩි ගෞරව හිමි කර ගනිමින් පෙරමුණ ගැනීමට ශාන්ත තෝමස් විදුහලට හැකියාව ලැබිණි. ශාන්ත තෝමස් විදුහල වර්ෂ 17 ක ජයග්‍රහණ දිනා ගන්නා අතර වාරයේ දී රජයේ විද්‍යා විදුහල එක් ජයග්‍රහණයකට හිමිකම් කියයි.

මෙවර මහ තරගයේ දී රජයේ විද්‍යා විදුහල් කණ්ඩායම මෙහෙය වීමේ වරම අනූප ඉඳුවර ප්‍රේමසිරි වෙත හිමි වී ඇති අතර ශාන්ත තෝමස් විදුහල් කණ්ඩායම එස්. එම්. අනුරාධ රණසිංහ විසින් මෙහෙයවයි.

රජයේ විද්‍යා විදුහල් කණ්ඩායම

අනූප ඉඳුවර ප්‍රේමසිරි (නායක), අචින්ත කරුණාරත්න (උප නායක), දුල්වින් සෙනේෂ් ද සිල්වා, හර්ෂ මදුෂාන් පුබුදු කුමාර, නිෂාන් මලීෂ ළහිරු කුමාර, ප්‍රභාෂ මෙත්දිය අධිකාරි, එරංග ඉන්ද්‍රජිත් රාමනායක, සචිත සදෙව් දෙව්මිණ, හර්ෂ ජයේන්ද එරංග බණ්ඩාර උඩවත්ත, තිවංක නිර්මාල් කුලතුංග, අශේන් චන්දුල ධර්මරත්න, කිත්නාල් ලුත්මින් දෙව්නක, අනුහස් නිම්සර කපුවත්ත, නෙත්මිණ කාවිදු දයාරත්න, විශ්වදිනූ ද සිල්වා, අචින්ත ප්‍රවීන් ජයතිලක, එච්.එම්. දිනිල් කොස්වත්ත, ගගන විලෝචන ද සිල්වා.

අසංක තොටගමුව මහතා (පුහුණුකරු), රසිකා සුරේනී මගුරුදෙණිය මිය (ක්‍රිකට් භාර ආචාර්ය), එච්. එම්. ඒ. ගයානී හේරත් මිය (විදුහල්පති).

ශාන්ත තෝමස් විදුහල් කණ්ඩායම

එස්. එම්. අනුරාධ රණසිංහ (නායක), කවීෂ ලියනාරච්චි (උප නායක), නෙත්සර කොඩිතුවක්කු, ඒ. අයි. වීරතුංග, එන්. වී. ලියනගේ, කේ. සහස් ආබෲ, එච්.එම්. තෙනුක හේරත්, එන්.ඩී. ෂෙහාන් බණ්ඩාර, ආර්. ආර්. ලෝචන බණ්ඩාර, පී.ජී. දමිදු බණ්ඩාර, ලවිදු වික්‍රමසිංහ, එල්. එල්. දිනුසර ඩේවිඩ්, චතුරංග විජේතිලක, ඔමේෂ් වීරසූරිය, ආර්. එම්. කේ. සනෙත් පොතුවිල, එම්. ඩී. උත්පල රාජසිංහ, වයි. එම්. තිළිණ යාපා, එස්, එම්. යොහාන් කුමාර.

ඉන්දික ගාල්ලගේ මහතා (ක්‍රිකට් භාර ආචාර්ය), ඉන්දික විජේසේකර මහතා (පුහුණුකරු), ධම්මික හේවාවසම් මහතා (විදුහල්පති).

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment