මාතික මාතා උපහාර ගොඩනැඟිල්ල අගමැති සුරතින් දැයට පිදුණු වගයි

158

කොළඹ ලින්ඩ්සේ බාලිකා විද්‍යාලයට අනුබද්ධිත වැල්ලවත්ත වෛශාඛා විද්‍යාලයේ ඉදිකෙරුණු ‘මාතික මාතා උපහාර ගොඩනැඟිල්ල දැයේ දියණියන්ට පරිත්‍යාග කිරීමේ මහෝත්සවය, සිරි වජිරාරාමාධිපති අමරපුර ධර්මරක්‍ෂිත මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහනාහිමි ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි. බෝසත් දරුපරපුරක් දැයට දායාද කිරීමේ උතුම් අරමුණ පෙරදැරි කර ගනිමින් ගෞරවණීය මාතික මාතා මෑණියන් වහන්සේ (ශ්‍රී දේවි සිල්වා)ගේ සහ පුද්ගලික දානපතියන්ගේ ධන පරිත්‍යාගයෙන් ගොඩනැඟුණු මෙම ගොඩනැගිල්ල කොළඹ ලින්ඩ්සේ බාලිකා විද්‍යාලයේ ප්‍රාථමික අංශය වෙත පරිත්‍යාග කරන ලදි. එවකට වැල්ලවත්ත ප්‍රදේශයේ ප්‍රධාන දානපතියකුව සිටි ඊ. එස්. ප්‍රනාන්දු මහතා විසින් 1935 ආරම්භ කරන ලද වෛශාඛා විද්‍යාලය ගරු මාතක මාතා මෑණියන්ගේ අප්‍රතිහති ධෛර්යයෙන් නව එළියක් ලබාදුනි.

මාතික මාතා උපහාර ගොඩනැඟිල්ල අගමැති සුරතින් දැයට පිදුණු වගයි
මාතික මාතා උපහාර ගොඩනැඟිල්ල අගමැති සුරතින් දැයට පිදුණු වගයි
මාතික මාතා උපහාර ගොඩනැඟිල්ල අගමැති සුරතින් දැයට පිදුණු වගයි
advertistmentadvertistment
advertistmentadvertistment