මාදම්පේ කමල් ප්‍රියංකර ‘මතකයෙන් බිඳක්’ හෙට හලාවතට ගෙන එයි

38

‘දිවයින’ පුවත්පතේ මාදම්පේ ඡායාරූප ශිල්පියකු මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ කමල් ප්‍රියංකරගේ වසර 30ක ජීවිත මතකය පාදක කරමින් ‘මතකයෙන් බිඳක්’ ප්‍රදර්ශනය අප්‍රේල් 20 වෙනදා පෙරවරුවේ හලාවත බෞද්ධ මන්දිරයේදී ආරම්භ වේ.

හලාවත හිටපු නගරාධිපති නීතිඥ හිලර් ප්‍රසන්න, දිවයින පුවත්පතේ ප්‍රධාන කර්තෘ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කතුවර නාරද නිශ්ශංක ඇතුළු පිරිසක් එම ආරම්භ මොහොතකට එක්වෙති. ධීවර ජනදිවියේ අයිතීන් උදෙසා සටන් කළ ඇන්ටනි ප්‍රනාන්දු ධීවරයා වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත්වූ අවස්ථාවේ අසල සිටිමින් සිද්ධිය වාර්තා කළ කමල් ප්‍රියංකර මහතාගේ දිවිය බේරුණේද අනූනමයෙනි. එවන් සිද්ධී රැසක මතකයන් කමල් තම ප්‍රදර්ශනයට ඇතුළත් කර තිබේ.

මහවැව – අමරනන්ද

advertistmentadvertistment
advertistmentadvertistment