මාධව ඉඳිකැටියට මොකද වුණේ…?

327

අපි යූ ටියුබ් වලට සිංදු කියන අය නෙමෙයි

 2000 දශකය කියන්නේ ශී‍්‍ර ලංකාවේ සංගීත කලාවේ එක් රැුල්ලක් බිහිකරපු යුගයක්. එ් වගේම ආදරණීය ජනපි‍්‍රය ගායක ගායිකාවන් රැුසක් මෙන්ම ජනපි‍්‍රය ගීත රැුසක් බිහිකරපු යුගයක්. මේ කාලයේදී කැසට් පටය” ප‍්‍රසංග වේදිකාව සහ ගුවන් විදුලිය ආක‍්‍රමණය කරපු ආදරණීය ගායන ශිල්පියෙක් තමයි මාධව ඉඳිකැටිය කියන්නේ. මල් උයන්තෙරේ පිපී” මා කඳුලින් බව සිතනු එපා” දුක හාදු දේවි වැළපෙන සිතට” සීගිරියේ අප්සරාවෝ දුටුවම” සුදු නෙළුම් පිපී තියේවි” අවිහිංසකයි සඳ වැනි ගීතවලින් විරහා වේදනාව පෙම්වතුන්ගේ හදවතට ගැයූ මේ ගායකයා මේ දවස්වල ගෙවන ජීවිතය ගැන ‘මීවිත. අපිට මෙහෙම කිව්වා.

 ඇයි වැඩිපුරම නිහඬ වෙලා ඉන්නේ?

 මේ දවස්වල කොහොමත් නිහඬයි තමයි. ප‍්‍රසංග පැවැත්වෙන්නේ නැහැනේ.

 වෘත්තීය මට්ටමේ ගායන ශීල්පියෙක් විදිහට වර්තමාන තත්ත්වයට ඔබ මුහුණ දෙන්නේ කොහොමද?

 මම වෘත්තීය ගායකයෙක් විදිහට වෙනත් ආදායමක් නැහැ ඇත්තටම මේ දවස්වල ඉතින්. කොරෝනා තත්ත්වය හේතුවෙන් සියලූම ප‍්‍රසංග නතර වෙලා. මේ තත්ත්වයට මුහුණ දෙන්නේ මම විතරක් නෙමෙයි. සෑම වෘත්තීය කලාකරුවෙක්ම මේ කොරෝනා තත්ත්වය මත අසරණ වෙලා ඉන්නේ.

 මාධව ඉඳිකැටිය කියන්නේ කාලයක් ඉතාම ජනපි‍්‍රය තලයේ හිටපු ශිල්පියෙක්. එහෙත් වර්තමානය වෙද්දී එ් ජනපි‍්‍රයත්වයට මොකද වෙලා තියෙන්නේ?

 මම හිතන්නේ එ්ක මෙහෙමයි. මම ජනපි‍්‍රය වුණේ කැසට් සහ සීඞී යුගයේ. අද වෙද්දී එ්ව පරණ වෙලා යූ ටියුබ් කියන යුගයට ඇවිල්ලා. ඉතින් අපි යූ ටියුබ්වලට ගීත සහ විෂවුල් කරපු අය නෙමෙයි. හැබැයි එහෙත් මේ ප‍්‍රසංග නොපැවැත්වෙන කාලය එනතෙක්ම මට එළිමහන් ප‍්‍රසංගවලින් අඩුවක් වෙලා නම් තිබුණේ නැහැ.

 පරණ ගීත කිහිපයක් රීමේක් කරන්න හෝ අලූත් ගීත කිහිපයක් නිර්මාණය කරන්න අදහස් නැද්ද?

 ඇත්තටම පරණ ගීත කිහිපයක් රීමේක් කරන්න තමයි අදහස් කරන් හිටියේ. එ්කට සුදානම් වෙද්දි තමයි සහරාන් ප‍්‍රහාරය එල්ල වුණේ. එ් ගමන් ප‍්‍රසංග නතර වුණ නිසා ඉතින් රීමේක් කරන්න හෝ අලූත් ගීත කරන්න බැරි තරම් වෘත්තීය ගැටලූ ඇතිවුණා. එ් කාලයේ එහෙම නිර්මාණයක් කරලා තිබුණා නම් එළියට දාන්න තිබුණා කියලා දැන් හිතුනට එ් කාලයේ එ් එච්චර ගාණක් වුණේ නැහැ.

 ගොඩක් කලාකරුවන් මේ වෙද්දි තමන්ගේ නමින් යූ ටියුබ් නාලිකා නිර්මාණය කරමින් තමන්ගේ ගීත රසිකයන් අතරට යවනවා. එවැනි දෙයකට අත ගැහුවොත් මොකද?

 ඔවු දැන් එ් කාලයේ වගේ ගීත ඇල්බම් කරලා අපිට සල්ලි හොයන්න බෑ. එ් නිසා එ් ගැන මමත් දැනට හිතලා තියෙන්නේ. මේ කොරෝනා තත්ත්වය ටිකක් පාලනය වුණාට පස්සේ කොළඹට ඇවිත් එ් වැඩකටයුතු ටික පටන් ගන්න ඕනේ.

 කොළඹින් දුර බැහැර සිටීම ඔබේ වෘත්තියට බාධාවක් වෙලා නැද්ද?

 ඔව් මම ඉන්නේ මාතර. කොළඹට දුරයි කියලා එ්ක ප‍්‍රසංගවලට යද්දි නම් බාධාවක් වෙලා නැහැ. අනෙක් වැඩ කටයුතුවලදී තමයි ඉතින් එ්ක බාධාවක් වෙන්නේ. කොළඹින් පිට ඉන්න නිසා තමයි මාධ්‍යයෙන් වුණත් මාව වැඩියෙන් පේන්නේ නැත්තේ.

 කොහොමද ඔබේ පළමු කැසට් පටය නිර්මාණය වුණේ.?

 1993 සවන රෙකේඞ් බාර් එකට තමයි මුල්ම කැසට් එක කළේ. එ් ජාතික තරුණසේවා සභාවේ ඉන්න කාලයේ. මගේ මුල්ම ගීතය ‘මල් උයන්තෙරේ. කියන නමින් තමයි එ් කැසට් එක් නම් කළේ. මා කඳුලින් ගීතය ඇතුළත් වුණෙත් එ් කැසට් එකට. වර්තමානයේ මගේ ජනප‍්‍රිය ගොඩක් ගීත ඇතුළත් වුණේ එ් කැසට් එකට තමයි. පසුකාලීනව තමයි නිල්වලා ලේබලයෙන් සීගිරියේ අප්සරාවෝ කැසට් එක කළේ සකුරා රේන්ජ් සංගීතයට.

 එ් කියන්නේ ඔබ කේෂ්ත‍්‍රයට එන්නේ ජාතික තරුණ සේවා සභාව හරහාද?

 ඔව් මම බෙල්වුඞ් එකෙන් පස්සේ තමයි ජාතික තරුණසේව සභාවට සම්බන්ධ වුණේ. එ් කාලයේ හිටියා පි‍්‍රන්ස් උදයපි‍්‍රයන්ත” චන්දන ලියනආරච්චි” ජයසිරි අමරසේකර. අපි තමයි ජාතික තරුණසේවා සභාවෙන් කරපු අන්තිම කැසට් එක කළේ. අපේ කාලයෙන් පස්සේ තරුණසේවා සභාවෙන් කැසට් කළේ නැහැ.

 ඔබ ඉතාම ජනපි‍්‍රය වුණේ සීගිරියේ අප්සරාවෝ කැසට් පටය හරහා කියලා කිව්වොත්?

 එ්ක හරි. එ් කැසට් පටය ආවේ 2003 වසරේ. එ්ක අදායම් වාර්තා තිබ්බා එ් කාලයේ. එ් අවුරුද්දේ අජිත් මුතුකුමාරණගෙයි කිංස්ලි පීරිස් අයියගෙයි මගෙයි කැසට් තුන තමයි වැඩිම අලෙවියක් වුණේ.

 එහෙත් අනෙකුක් කැසට් පට රසිකයන් අතරට ගියේ නැහැ නේද?

 සීගිරියේ අප්සරාවෝ කැසට් එකෙන් පස්සේ ‘ඇන්තූරියම් මලක්. කියල කැසට් එකක් කළා. එ්ක එළියට ඇවිත් සතියක් යන්නත් කලින් තමයි ‘සුනාමි. ආවේ. එ් නිසා කලින් කැසට් වගේ එ් කැසට් එක දිව්වේ නැහැ. රෙකෝඞ් බාර් වහන්න වුණා. ඊට පස්සේ තවත් කැසට් එකක් කළා එහෙත් එ්ක සාර්ථක වුණේ නැහැ. එ්කේ නිෂ්පාදක එ් වැඬේ හරියට කළෙත් නැහැ. එ් කැසට් එකේ ප‍්‍රමිතිය ටිකක් අඩුයි කියලා දැනුණා. එ් නිසා මම එ්ක මාධ්‍යට දුන්නෙත් නැහැ.

 ඔබ නිර්මාණය කරපු සංගීත කණ්ඩායමට මොකද වුණේ?

 මම බෙල්වුඞ් එකෙන් අයින් වෙලා සංගීත කණ්ඩායමක් නිර්මාණය කළා. අද වෙද්දි එ් කණ්ඩායම නම් නැහැ. අද රටේ ගොඩක් ජනපි‍්‍රය සංගීත කණ්ඩායම්වල මගේ සංගීත කණ්ඩායමේ හිටපු ශිල්පීන් ඉන්නවා.


 කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment