මාධ්‍යවේදී චමුදිතගේ නිවසට  පහරදුන් අය නීතිය හමුවට පමුණුවන්න

165

ශී‍්‍රලනිපය නිවේදනයක් නිකුත් කරමින් කියයි

ප‍්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික‍්‍රම මහතාගේ නිවසට එල්ල වූ මැර ප‍්‍රහාරය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තරයේ හෙළා දකින බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

එම බියගුලූ ක‍්‍රියාව සමස්ත මාධ්‍ය නිදහසට එල්ල වූ ප‍්‍රහාරයක් ලෙස සලකනු ලබන අතර, එවැනි ක‍්‍රියා සම්බන්ධයෙන් විධිමත් හා අපක්ෂපාතී පරීක්‍ෂණයක් පවත්වා ඊට සහභාගී වූවන් සහ අනුබලදුන් අය නීතිය හමුවට පැමිණවීම නොපමාව කළයුත්තක් ලෙස අප දකිමු.

ජනමාධ්‍යවේදීන් හට මෙවැනි මැර ප‍්‍රහාර අතීතයේත් එල්ල වූ අතර, ඝාතනය කිරීම් දක්වා ඒවා වර්ධනය වී තිබිණි. නමුදු මෙම ඝාතන ක‍්‍රියා මගින් ජනමාධ්‍ය නිදහස තුරන් කිරීමට කිසිසේත් නොහැකි වූ බව අප දන්නා කරුණකි. තොරතුරු ජනතාව වෙත රැුගෙනයෑම මාධ්‍ය මෙහෙවරක් වන අතර, එය ත‍්‍රස්ත ක‍්‍රියා මගින් මර්දනය කිරීම කිසිසේත් කළ නොහැක්කක් බව පෙන්වාදෙනු කැමැත්තෙමු.

එබැවින් මේ පිළිබඳ විධිමත්, අපක්ෂපාතී නිරවුල් පරීක්‍ෂණයක් පැවැත්වීමටත්, වැරදිකරුවන් නීතිය හමුවට පමුණුවන ලෙසත් පොලිස්පතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නෙමු.

ඕනෑම මාධ්‍යවේදියකුට, මාධ්‍ය ආයතනයකට නිදහසේ මාධ්‍ය කටයුතු සිදුකිරීමේ අවකාශය රට තුළ ගොඩනැගී තිබිය යුතු යැයි අප විශ්වාස කරන්නෙමු.

advertistmentadvertistment
advertistmentadvertistment