මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් නඩුව කල්යයි

150

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන යෑම, ඔහුගේ මරණය සිදු කිරීම ඇතුළු අධි චෝදනා 17 ක් යටතේ යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් ඇතුලු විත්තිකරුවන් නම දෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර විභාගය ලබන මස 26 වැනිදා දක්වා කල්තැබීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල පෙරේදා (04 දා) නියෝග කළේය.

එම නඩුව විභාග කළ විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු චමත් මොරායස් මහතා අසනීප තත්ත්වයක් මත නිවාඩු ලබා තිබීම නිසා දමිත් තොටවත්ත හා මහේෂ් වීරමන් යන විනිසුරු මඬුල්ල හමුවේදී නඩුව කැඳවිණි.

පැමිණිල්ල මෙහෙයවීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් නියෝජනයක් නොතිබීම නිසා ඉදිරි නඩු දිනය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසටද එම විනිසුරු මඬුල්ල අධිකරණ රෙජිස්ටාර්වරයාට නියෝග කළේය.

පැමිණිල්ල වෙනුවෙන් සාක්‍ෂි ලබාදීම සඳහා අධිකරණයේ නියෝගය පරිදි පෙනී සිටි දුරකථන සමාගම් නියෝජිතයන් දෙදෙනකුට ඉදිරි නඩු දිනයේදී යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට අවවාද කළ විනිසුරු මඬුල්ල පැමිණිල්ලේ 49 වැනි සාක්‍ෂිකරුටද එදින පෙනී සිටින ලෙස දන්වා සිතාසි යැවීමටද නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment