මාධ්‍යයට අත තැබුවොත් එය රජයේ අවසානයයි

213

ජනතාවට සත්‍ය තරමක් හෝ පවසන මාධ්‍ය මර්දනයට රජයක් කි‍්‍රයාකරන්නේ නම් එය සියතින් ගෙල සිඳ  ගැනීමක් යැයි ඇල්ලේ ගුණවංශ හිමියෝ ‘දිවයින’ට ඊයේ (9 දා* සඳහන් කළහ.
 
 මාධ්‍යයට අත තැබූ සෑම රජයකට ම සිතුවාට වඩා වේගයෙන් ගෙදර යෑමට සිදුවූ නිසා වත්මන් රජය ඒ පිළිබඳව සැලකිලිමත් වෙනු ඇතැයි තමන්වහන්සේ බලාපොරොත්තු වන බවද ගුණවංශ හිමියෝ පැවසූහ.
 
 මෙරට ජනතාවට රජය විසින් වසන් කරනු ලබන බොහෝ දේ මාධ්‍ය නිසා එළියට ආ බව පැවසූ උන්වහන්සේ එසේ නොවන්නට රටට යමක් කරනවා කියා පැමිණි පිරිසගේ ඇත්ත කෙරුවාව දැනගැනීම දුෂ්කර විය හැකිව තිබූ බවද කියා සිටියහ.
 
 වැඩිදුරටත් අදහස් දැක්වූ ඇල්ලේ ගුණවංශ හිමියෝ මෙසේ ද පැවසූහ.
 
 ජනතාවට සත්‍ය පවසන මාධ්‍ය නිසා ආණ්ඩුව කිපිය යුතු නැහැ. අද රට පුරාම ප‍්‍රශ්න. ඒවා හැමදාම කියන්න ගිහිල්ලා ම අපේ පණත් ගිහිල්ලා. අද රජයේ මාධ්‍යය
 
 ගැන ජනතාවට විශ්වාසයක් නැහැ. ඒ නිසාම තමයි අනිත් පුද්ගලික මාධ්‍යය ඇත්ත වෙනුවෙන් සටන් කරන්නේ. ඒ ආයතනවලට කරදර කිරීම සුදුසු නැහැ. ඒක ප‍්‍රජාතන්ත‍්‍රවාදය නෙමෙයි. මෙහෙ විතරක් නෙවෙයි, ලෝකෙ කොහෙවත් මාධ්‍යයට අත තියලා රටවල් ඉදිරියට ගිහින් නැහැ. එයට අත තබනවා කියන්නේ ඕනෑම රජයක් ගෙදර යෑමට ලක් වෙනවා කියන එකටයි.

  සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment