මාධ්‍යයට පාට් දැමූ පොලිස් නෝනා ගැන විමර්ශන

343

කොතලාවල පෞද්ගලික විශ්වවිiාල පනත් කෙටුම්පතට එරෙහිව පෙරේදා (8 දා* උදේ බත්තරමුල්ල, පොල්¥ව මංසන්ධියේ නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය විසින් සංවිධානය කර තිබූ විරෝධතා ව්‍යාපාරයේ නිරත වූ පිරිස් පොලිසිය අත්අඩංගුවට ගන්නා අවස්ථාව ආවරණය සඳහා ගොස් සිටි විiුත් නාලිකාවක කැමරාවකට පහර දෙන ලදැයි කියන සිද්ධියකට සම්බන්ධ පොලිස් නිලධාරිනිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ‘දිවයින’ට ඊයේ (09 වැනිදා* පැවසීය.
 
 පොලිස් නිලධාරිනියගේ එම හැසිරීම කිසිසේත්ම අනුමත නොකරන බවද හෙතෙම කියා සිටියේය.
 
 පොලිස් නිලධාරිනියගේ එම කි‍්‍රයාවත් සමග සියලූ විiුත් නාලිකාවල මාධ්‍යවේදීහු ඇය වීඩියෝගත කළහ.
 
 ඇය එක් වරම දිවගොස් පොලිස් බස්රථයකට නැගී පලා යන්නට වූවාය.

 ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment