මාධ්‍යයට සුදුලූනු පොඩි කළ සී අයි ඞී නිලධාරීන් ගැන විමර්ශන

533

සුදුලූනු සිද්ධිය සම්බන්ධයෙන් පුවත්පත් කතුවරුන් ඇතුළු මාධ්‍යවේදීන්ගෙන් ප‍්‍රශ්න නොකරන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී තිබියදී ඊට අදාළව කි‍්‍රයා නොකළ නිලධාරීන් සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකරන ලෙස මහජන ආරක්‍ෂක ඇමැති සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයාට ඊයේ (29 දා) උපදෙස් දී ඇත.

සුදුලූනු සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පෑලියගොඩ අපරාධ විමර්ශන ඒකකය සිදුකරන පරීක්‍ෂණ කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා පුළුල් පරීක්‍ෂණයක් සිදුකරන ලෙස ද සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ. ලංකා සතොස මගින් සුදුලූනු කිලෝ 58,400ක් පමණ අඩංගු බහාලූම් දෙකක් නිත්‍යනුකූල නොවන ආකාරයට තෙවැනි පාර්ශ්වයකට අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පෑලියගොඩ අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශන සිදුකර තිබිණි. එහිදී කීපදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇති අතර එක් නිලධාරියකු බන්ධනාගාරගතව සිට ඇප මත මුදාහැර තිබේ. මේ සම්බන්ධයෙන් පෑලියගොඩ අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිට ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment