මානව අයිතිවාසිකම්වලට ආරක්‍ෂක අංශ ගරු කළ යුතුයි!

219

එ.ජා. මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය

හමුදාව ඇතුළු ආරක්‍ෂක අංශ මානව අයිතිවාසිකම්වලට ගරු කළ යුතු අතර සංයමයෙන් කටයුතු කළ යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලාංකික සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටී.

ප්‍රචණ්ඩත්වයෙන් වැළකී සාමකාමීව බලය පැවරීමට සහයෝගය ලබාදෙන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය ඉල්ලා සිටී.

නීතියේ ආධිපත්‍යයට යටත්ව සියලු පාර්ශ්ව ඒ සඳහා කැපවිය යුතු බවද සියලුම දෙනාගේ ජීවත් වීමේ අයිතිය සහ දේපළවලට ගරු කළ යුතු බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment