මානව දයාවට මුල්තැන දී අද නික්මයන හයිසින්ත්

487

හයිසින්ත් විජේරත්න රංගන ශිල්පිනිය කාන්තිමත් කාන්තාවකි. දක්ෂ, ජනප‍්‍රිය, ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනියකි. පුළුල් තිරයේ මෙන්ම පුංචි තිරයේදී ද ඇයට ලැබෙන චරිතය ඉතා මැනවින් නිරූපණය කළාය. සම්මානයට පාත‍්‍ර වූවාය. එහෙත් ඇය සුවකීය සත්‍ය ජීවිතයේදී ර`ගපෑවේ නැත. මනුස්සකම නමැති කිරුළ හිස දරාගෙන සිටියාය. ඒ කිරුළේ දිදුළන මැණික් කැට වූයේ සත්‍ය කතා කිරීම. යුක්තිය වෙනුවෙන් පෙනී සිටීම. කළගුණ සැළකීම. අවංකම නිහතමානී බව පරිත්‍යාගය කැපවීම වෙලාවට වැඩ කිරීම සහ අසරණයන්ට පිහිටවීම වැනි ගුණාංගයන්ය.

 වසර 75 ක් ආයු වළඳා ජීවත් ඇය මෙලොව ජීවත්වීමට ලද වරප‍්‍රසාදයට කුළිය ගෙවන ලද්දේ විවිධ සේවාවන්වල නිරත වීමෙනි. හයිසින්ත් දයාබර රංගන ශිල්පිනිය මා සමග වැඩිවාර ගණනක් තිරයේ මගේ බිරිඳ ලෙසින් ඉතාමත් සහයෝගයෙන් ර`ගපෑවායය. ඇය මගේ බිරිධ වන ශ‍්‍රියාගේ කළණ මිතුරියකි. ඇය අපේම සොයුරියක් වූවාය.

 විශේෂඥ වෛi සංජය හෙයියන්තුඩුව නම් වූ මානව හිතවාදියාගේ නායකත්වයෙන් අසරණ වකුගඩු රෝගීන්ගේ සංගමයේ මා අනුශාසකවරයෙකි. මා මෙන්ම සමාජ සේවයට ලැදි කලා ශිල්පියන් හා කලා ශිල්පිනියන් මේ සංගමයට සම්බන්ධ කළයුතු යැයි සිතුවෙමි. එහි ප‍්‍රථිඵලයක් වශයෙන් ආචාර්ය රවීන්ද්‍ර රංදෙණිය මුලින්ම සංගමයට සම්බන්ධ කිරීමට හැකි විය. ඉන් අනතුරුව සම්බන්ධ කළ ශිල්පීන් හා ශිල්පිනියන් අතර හයිසින්ත් නැගණිය එක් අයෙකි. ඇය වකුගඩු සංගමයට කළ සේවය අතිවිශාලය මුදල් පරිත්‍යාග කිරීම, අරමුදල් තර කිරීමට වෑයම් කිරීම ඉතා කැපවීමකින් හා ආබිරුචියකින් කළාය රෝගීන් සමග වාර්ෂිකව අප ගිය වන්දනා ගමන් වලට සහභාගී වු ඇය අප දුටුවේ කිතුණු බැතිමතියක් ලෙසින් නොවේ. සැදැහත් බෞද්ධ උපාසිකාවක් වශයෙනි.

මානව දයාවට මුල්තැන දී අද නික්මයන හයිසින්ත්

ඇය කිතුණු බැතිමතියක්, හොඳ බිරිඳක්, එකම පුතුට ආදරණීය අම්මා කෙනෙක්, දරු මුණුබුරු මිණිබිරියන්ට අත්තම්මා කෙනෙක්, ඥාතීන්ට හොඳ ඥාතියෙක්, සෙනෙහෙවන්ත මිතුරියක් සහ ශ‍්‍රී ලංකා මාතාවට ආදර්ශමත් දියණියක් වූවාය. ඇයගේ පරමාදර්ශී චරිතය වූයේ තෙරේසා මව්තුමියයි. නිරන්තරයෙන්ම සුන්දර සිහවකින් මුව සරසාගෙන, අඩුවෙන් කතාකොට වැඩියෙන් මිනිසුන්ට හදවතින්ම සේවය කළ උතුම් මනුස්ස දියණියකි. හයිසින්ත් නැ`ගණිය මා දකින්නේ මානව දයාවේ සංකේතයක් ලෙසිනි. දරුවන්ගේ දුක් කදුළු දකින දා සුරලොව සිට අත පා එහි කදුලැලි පිසිනා අම්මා කෙනෙකි. පුංචි තිරයේ අහිංසක අම්මා ශාන්තුවරියක් බදු දීප්තිමත් චරිතයක් ගත කළ රංගවේදිනියකි. හයිසින්ත් කා සමගත් එක සේ ජීවත් වීමට සමත්විය මෙත්තා, කරුණා මුදිතා හා උපේඛා හදවතෙහි දරාගෙන ජීවත් වුවාය.

 මෙම ලිපිය රචනා කළේ කලාකරුවන් වෙනුවෙන් පමණක් නොව සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයද වෙනුවෙනි. ඊට ප‍්‍රධාන හේතුව නම් කොරෝනා වසංගතය නිසා ඇති ආර්ථිකය අප සංගමයට දැඩිව බලපා ඇත. මේ සංගමයේ අනුශාසක මණ්ඩලය හැර සෙසු සාමාජික සාමාජිකාවන් රෝගීන්ය. වකුගඩු පරිත්‍යාග කළ හා බද්ධ කළ අයගෙන් සමන්විතය. රුධිරය පිරිපහදු කරන ඩයලයිසිස් ප‍්‍රතිකාරය සඳහා අතිවිශාල මුදලක් අවශ්‍ය වේ. මෙම මුදල් සොයාගැනීමට අප සතුව ඇත්තේ වකුගඩුව නමින් ප‍්‍රකාශයට පත් කරන පුවත්පත රුපියල් පනහකට අලෙවි කිරීමෙනි. පවතින වාතාවරණය අනුව එය අසීරු කරුණකි. ඒ අභියෝගය අප ජයගනු ලබන්නේ පෝය දිනවල කැළණිය රජමහා විහාර පරිශ‍්‍රයේදී පුවත්පත විකිණීමෙනි. අපේ කතා නායිකාව ඒ සඳහා පෙරමුණ ගත්තාය. හයිසින්ත්ගේ ජනප‍්‍රියභාවය නිසාම අධික මුදලක් අපට උපයා ගැනීමට හැකි විය. ඒ හිඩැස පුරවන්නේ කවුද ජ්‍යෙෂ්ඨ කලාකරුවකු වශයෙන් සියළුම කලා ශිල්පීන්ගෙන් හා ශිල්පිනියන්ගෙන් ඉල්ලා සිටින්නේ අප හා එක්වන ලෙසයි. ඔබේ දායකත්වය අප සංගමයට ලබා දී හයිසින්ත් ප‍්‍රධාන සියළු කලාකරුවන් අපි පිං අනුමෝදන් කරමු.

 මිය යන විට අප රැුගෙන යන්නේ කළ හොඳ හා නරක පමණි. සැමවිටම සිනහවෙන් සිටි ඇය ධර්මානුකූල ජීවිතයක් ගත කළාය. අවංකවම තම වගකීම හා යුතුකමක් සේ සලකා එය ඇය ඉටු කළාය.

 කලා ශිල්පිනියක් වශයෙන් ඇය ශිලාකාමී අයෙක් වූයේ ආත්ම දමනයට සමත් වූ නිසාය. ඒ නිසාවෙන්ම ආත්ම විශ්වාසයකින් ජීවත් වූ ඇය තම ආත්ම ගෞරවය ඉතා ඉහළින් රැුක්කාය. පොරොන්දු කඩ නොකිරීම්, මිත‍්‍රත්වය රැුකගැනීම හා පොදුවේ සියල්ලන් සමග සුහදශිලිවෙමින් ඇසුර තහවුරු කර ගත්තාය. ඇය ඉටු කළ සියළුම දේවල් ඉටුකරන ලද්දේ උතුම් ආදරය පෙරදැරි කරගෙනය. හයිසින්ත් මුහුදේ රැුල්ල දෙස බලා සතුටු වූවා සේම එහි ගැඹුරු බව ගැන ද සිතූ අයෙකි.

 කලා ලොවට මෙන්ම සමාජයට ඇය ආලෝකයක් මෙන්ම ආදර්ශමත් චරිතයක් ද විය. අර්බුදවල කොටස්කාරියක නොවී අර්බුද විසඳන ඇත්තෙක් වූවාය. මේ අගනා කලා ශිල්පිනිය සමාජය නමැති පොකුණෙන් විසකසිත වී සුවඳ හැමූ නෙළුමක් ලෙසින් හැඳින්වීමට කැමැත්තෙමි. දැනුම, චරිතය, නම්‍යශීලි බව යන බලයන් නිසාම හයිසින්ත් විජේරත්න නම් වූ මානව හිතවාදී කලාශිල්පිනිය පිදුම් ලැබීමට සුදුසු වන්නේ වැදගත් ආකර්ෂණිය බව නිසාය.

 ජීවත් වූ කාලය නොවෙයි වැදගත්, ජීවත් වූ කාලයේදී කළ සේවයයි. දයාබර නංගී ඔබ කළ සේවය උසස්ය. ආදරණීය උතුම් සෙනෙහසක පහන නිවී ගියත් ඔබ ලබා දුන් ආලෝකය අප නිරතුරුවම දකින්නෙමු.

 අප අතරින් සමුගෙන යන හයිසින්ත් විජේරත්න නමැති දයාබර රංගනවේදිනිය දෙවියන් වහන්සේගේ රාජ්‍යයට භාරගත මැනව. මොක් සුව ලැබේවා! සාමදානයෙන් සැතපේව!


 කලාකීර්ති සතිස්චන්ද්‍ර එදිරිසිංහ
 අනුශාසක සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය

advertistmentadvertistment
advertistmentadvertistment